වසර 2018 අප්‍රේල් මස 19 වනදා ස්ථාපිත වූ චීන මාධ්‍ය සමූහය (CMG), චීන මධ්‍යම රූපවාහිනී සේවය, චීන මහජන ගුවන් විදුලිය හා චීන ජාත්‍යන්තර ගුවන් විදුලිය යන ආයතන තුන එකතු වී ගොඩනගන ලද ලෝකයේ විශාලතම සංයෝගාත්මක මාධ්‍ය කණ්ඩායම්වලින් එකකි.
සුවිශාල සංයුක්ත විකාශන ජාලයක් සතු චීන මාධ්‍ය සමූහය, රූපවාහිනී නාලිකා 47ක් ක්‍රියාත්මක කර ඇත. භාෂා හයක ජාත්‍යන්තර නාලිකා 7ක් ඊට ඇතුළත්ය. දේශීය ශ්රාවකයින්ට ගුවන් විදුලි නාලිකා 17කින් මෙන්ම, ගෝලීය ශ්රාවකයින්ට භාෂා 44කින් වැඩසටහන් සපයා තිබේ. පුවත් වෙබ් අඩවි තුනක් මෙන්ම බහුවිධ ජංගම යෙදුම් හා දෙස් විදෙස් සමාජ වෙබ් අඩවි ගිණුම් ක්‍රියාත්මක කර ඇත. ආයතනය යටතේ පුවත්පත් හා සඟරා 17ක් ප්‍රකාශයට පත් කෙරේ. රටවල් හා ප්‍රදේශ 63ක වාර්තාකරණ මධ්‍යස්ථාන පිහිටුවා, පූර්ණ ගෝලීය ප්රවෘත්ති ජාලයක් ගොඩනගා ගැනීමට හැකි විය. ආයතනයට අයත් ජාත්‍යන්තර වීඩියෝ පුවත් සේවය රටවල් හා ප්‍රදේශ 138ක සේවාදායකයින් සමග සහයෝගිතා ගිවිසුම්වලට අත්සන් තබා ගුවන් විදුලි, රූපවාහිනී හා ජංගම වෙබ් අඩවි ඇතුළු මාධ්‍ය ආයතන 3800කට පමණ වීඩියෝ පුවත් සපයා දී තිබේ.
චීන මාධ්‍ය සමූහය ‘5G+4K/8K+AI’ තාක්ෂණාංග මගින් නව උපායමාර්ග ගොඩනගමින් සිටී. මේ අතර, එම ආයතනය සෙසු ප්‍රධාන ජගත් මාධ්‍ය ආයතන සමග ප්රවෘත්ති හුවමාරු, වැඩසටහන් සම නිෂ්පාදන, සේවක හා තාක්ෂණික හුවමාරු යනාදී ක්ෂේත්‍ර ඔස්සේ පුළුල් ලෙස බහුවිධ සහයෝගිතා පවත්වා ඇත.