ලෝක සෞඛ්‍ය සංවිධානයේ හඬින් අඳුරු ඇමරිකාවේ යුක්‍රේන ජීව විද්‍යාගාරය පිළිබඳ තොරතුරු යළි වරක් හෙළිදරව් වෙයි
2022-03-11 20:17:46
Share with:

ලෝක සෞඛ්‍ය සංවිධානයේ හඬින් අඳුරු ඇමරිකාවේ යුක්‍රේන ජීව විද්‍යාගාරය පිළිබඳ තොරතුරු යළි වරක් හෙළිදරව් වෙයි_fororder_QQ图片20220311200021

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි යුක්රේන යුද්ධය හේතුවෙන් ඇති වූ බැක්ටීරියා කාන්දු වීම වැළැක්වීමට සහ මහජන සෞඛ්‍ය අනතුරේ හෙළීම වැළැක්වීමට  එරට මහජන සෞඛ්‍ය රසායනාගාරවල ගබඩා කර ඇති අධි අවදානම් රෝග කාරකයන් විනාශ කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා නිර්දේශ කළේය. යුක්රේනයේදී ඇමරිකාවේ මූල්‍ය අනුග්‍රහයෙන් ක්‍රියාත්මක කරන ලද හමුදා ජීව විද්‍යාත්මක වැඩසටහන පිළිබඳ රුසියානු හමුදාව විසින් මෑතකදී හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් ඇමරිකාවේ මතය කුමක් දැයි  ජාත්‍යන්තර ප්‍රජාව ප්‍රශ්න කරමින් සිටී.

රුසියානු ආරක්ෂක අමාත්‍යංශය විසින් ඊයේ ( 10) නිකුත් කළ නවතම පුවතකට අනුව ඇමරිකාව සහ එහි නේටෝ හවුල්කරුවන් යුක්රේනයේ ජීව විද්‍යාත්මක අවි පර්යේෂණ සිදු කර ඇති බවට  සාක්ෂි හමුවී තිබේ. කෙසේ වෙතත්, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙකු යුක්රේනයේ කිසියම් රසායනික හෝ ජීව විද්‍යාගාරයක් ඇමරිකාව සතුව හෝ ඇමරිකාවේ අනුග්‍රහයයෙන් පවත්වාගෙන යාමක් හෝ පිළිගැනීම ප්‍රතික්ෂේප කළ අතර එය බාහිර ලෝකයට "අසත්‍ය තොරතුරු" පැතිරවීමක් බවට ද චෝදනා කළේය.

සත්‍ය තත්ත්වය නම්, ඇමරිකාව එම කරුණු වසන් කිරීමට  කවර උත්සහායක් දැරුවද , බොහෝ අධ්‍යයන සහ සාක්ෂි මගින් පෙන්නුම් කෙරෙන්නේ  ඇමරිකාව යුක්රේනයේ සහ අනෙකුත් පැරණි සෝවියට් ජනරජවල හමුදා ජීව විද්‍යාත්මක ව්‍යාපෘති ඇතුළුව ලොව පුරා ජීව විද්‍යාගාර 300 කට වඩා පාලනය කරන බවයි.

එක්සත් ජාතීන්ගේ ජීව විද්‍යාත්මක හා රසායනික අවි කොමිසමේ හිටපු සාමාජිකයෙකු වන Igor Nikulin පෙන්වා දුන්නේ යුක්රේනය ඇමරිකාවේ "ජීව විද්‍යාත්මක අවි පරීක්ෂණ භූමියක්" බවට පත්ව ඇති බවයි.

ගෝලීය මහජනතාවගේ සෞඛ්‍ය ගැටළු මත පදනම්ව, යුක්රේනයේ සහ ලෝකයේ අනෙකුත් ප්‍රදේශවල ඇමරිකාවේ ජීව විද්‍යාගාර සත්‍යාපනය කිරීම සඳහා ජාත්‍යන්තර විශේෂඥයින් සංවිධාන කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය ක්‍රියා කළ යුතුය. ඇමරිකාව සිය ජාත්‍යන්තර වගකීම් ඉටු කළ යුතු අතර, විස්තීරණ පැහැදිලි කිරීමක් සැපයිය යුතු අතර බහුපාර්ශ්වික සත්‍යාපනය පිළිගත යුතුය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන