රටේ පොදු සමෘද්ධිය ඉටුකිරීමේ ප්‍රධාන කාර්යය ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනයයි
2022-03-10 14:16:40
Share with:

රටේ පොදු සමෘද්ධිය ඉටුකිරීමේ ප්‍රධාන කාර්යය ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනයයි_fororder_1423057772080660505

Zhao Wanping මහතා 13වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ  නියෝජිතයෙක්.චීනයේ අන්හුවේ පළාතේ කෘෂිකාර්මික විද්‍යා ඇකඩමියේ උප අධ්‍යක්ෂවරයා ලෙස ඔහු දිගුකාලීනව කෘෂිකාර්මික විද්‍යා හා තාක්ෂණ ප්‍රචාරක කටයුතුවල නියැලී සිටිනවා.මේ වසරේ පැවති 13වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 5වැනි සැසිවාරය සඳහා ග්‍රාමීය සංවර්ධනය හා දිළිඳුකම පිටුදැකීම පිළිබඳ කරුණු ඔහු සිය නිල යෝජනා කෙටුම්පත්වලට ඇතුළත් කළා.

ගම්මාන ඉදිකිරීමේ සැලසුම්වලට මෙහිදී වැඩි අවධානය යොමු කර, වඩාත් ඵලදායී උපදෙස් ලබා දිය යුතු බව ඔහු අදාළ රාජ්‍ය අංශවලට යෝජනා කර තිබෙනවා.එම වැඩපිළිවෙළ මගින් ග්‍රාමීය ප්‍රදේශ සුන්දර පරිසරයක් සහිත, ජනතාවට සැබෑම සතුටින් ජීවත්විය හැකි ප්‍රදේශ බවට පත්කළ හැකි වනු ඇතැයි ද ඔහු පෙන්වා දී තිබෙනවා.

නගර හා ග්‍රාමීය ප්‍රදේශ අතර පවතින විෂමතා තුරන් කිරීම, පොදු සමෘද්ධිය ඉටු කිරීමේ ප්‍රධාන කාර්යයක්. සමස්ත චීන ජනතාවට, සියලු ග්‍රාමීය වැසියන්ට උසස් දිවිපැවැත්මක් හිමිවන, සුවපහසු සමාජ තත්ත්වයක් නිර්මාණය කිරීමේදී, ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කළ යුතුවීම, Zhao Wanping මහතාගේ අදහසයි.

චීන ජාතික මහජන කොංග්‍රසයේ නියෝජිතයෙකු ලෙස ක්‍රියා කර ගත වූ වසර 5ක් තිස්සේ, ජනතාවගේ සැබෑ හඬ ප්‍රකාශ කරන නියෝජිතයන් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කළ යෝජනා බොහොමයක් පිළිගැනීමට ලක්වීම ගැන ඔහුට තිබෙන්නේ අපමණ සතුටක්.චීන ජාතික මහජන කොංග්‍රසයේ සැකැස්ම මෙන්ම සමස්ත ක්‍රියාවලිය තුළම ප්‍රකට වන්නේ ජනතා ප්‍රජාතන්ත්‍රවාදයම පමණයි.එය බටහිර රටවල් මෙන් ජනතාවට ලබාදෙන තොල් සේවයක් නොවෙයි. මේ ක්‍රියාවලියෙන් ඉටුවන්නේ ජනතාවගේ අසීරුතා සැබෑ ලෙසම විසඳා ගනිමින්, රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා ආර්ථීක සංවර්ධනය දියුණු කිරීමේ අතිශය වැදගත් කාර්යභාරයක් බව ද Zhao Wanping මහතා  පවසනවා.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන