යහපත් අධ්‍යාපනය සැපයීමෙන් කඳුකර ප්‍රදේශවල දරුවන්ගේ සිහින සැබෑ කරන Liu Faying
2022-03-10 15:01:32
Share with:

යහපත් අධ්‍යාපනය සැපයීමෙන් කඳුකර ප්‍රදේශවල දරුවන්ගේ සිහින සැබෑ කරන Liu Faying_fororder_b2de9c82d158ccbff348d765ac774237b0354136

13 වන චීන ජාතික මහජන කොංග්‍රසයේ පස්වන සැසිවාර‍ය දෙවන "නියෝජිත නාලිකාව" සම්මුඛ සාකච්ඡා ක්‍රියාකාරකම් පැවැත්වූ අතර බොහෝ බිම් මට්ටමේ නියෝජිතයෝ සිය වගකීම් ඉටු කිරීම පිළිබඳ අදහස් දැක්වුවා. චීන ජාතික මහජන කොංග්‍රසයේ නියෝජිත සහ Hubei පළාතේ Changyang Tujia ජාතික ස්වායත්ත කෝරළයේ Huaping ප්‍රාථමික පාසලේ උප විදුහල්පති Liu Faying මහත්මිය, චීන මාධ්‍ය සමූහය සමග සම්මුඛ සාකච්ඡාවට එක් වෙමින් කියා සිටියේ රජයේ සහාය යටතේ අන්තර්ජාලය ඔස්‍සේ දුප්පත් කඳුකර ප්‍රදේශවල දරුවන්ට වඩා හොඳ අධ්‍යාපනයක් සැපයීම ඇය තිරසරව සිදු කර ඇති බවයි. 2010 වසරේ, Changyang කෝරළ ආණ්ඩුවේ ප්‍රබල සහාය යටතේ Liu Faying "Yingzi" අක්කා නමින් අධ්‍යාපන සේවා වෙබ් අඩවිය ආරම්භ කර අදාළා කණ්ඩායමක් පිහිටවුවා. මේ වසරේ පෙබරවාරි මාසය වන විට, දෙස් විදෙස් පුද්ගලයන් 2,000කට වැඩි පිරිසක් චීන යුවාන් මිලියන 29කට වැඩි මුදලක් "Yingzi" අක්කා වෙබ් අඩවියට පරිත්‍යාග ලෙස ලබා දී තිබෙනවා. එම මුදලින් දුප්පත් සිසුන් 4300කට වැඩි පිරිසකට අධ්‍යාපනය ලබා ගැනීමට උපකාර කර තිබෙනවා. ඒ අතරින්  Dai නම් වියපත් විශ්‍රාමික පුද්ගලයාගේ කතන්දරය Liu Faying සඳහන් ක‍ළා. පිළිකා රෝගයෙන් පීඩා විඳිමින් සිටියද, සිසුන්‍ට අධ්‍යාපනය ලබා ගැනීමට උපකාර කිරීමට Dai මහතා බලාපොරොත්තු වුණා. Liu Faying සමඟ Dai මහතා "Yingzi" ශිෂ්‍යත්වය සඳහා පරිත්‍යාග ගිවිසුමක් අත්සන් කළා. මේ වනවිට එම ශිෂ්‍යත්වය ඔස්සේ සිසුන් 98 දෙනෙකුට සම්මාන ලැබී තිබෙනවා. යහපත් අධ්‍යාපනය සැපයීමෙන් කඳුකර ප්‍රදේශවල දරුවන්ගේ සිහින තිරසරව සුරැකෙන බව Liu Faying පැවසුවා.

ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන