යුරෝපයට "ඇමරිකානු උගුලෙන්" පැනීමට කාලය උදා වෙයි
2022-03-10 20:11:28
Share with:

යුරෝපයට "ඇමරිකානු උගුලෙන්" පැනීමට කාලය උදා වෙයි_fororder_QQ图片20220310193431

ඊයේ (9) ඇමරිකානු  නියෝජිත මන්ත්‍රී මණ්ඩලය රුසියාවෙන් තෙල්, ස්වභාවික ගෑස් සහ ගල් අඟුරු ආනයනය කිරීම තහනම් කිරීමේ පනත් කෙටුම්පතක් සම්මත කළේය. මේ සම්බන්ධයෙන් යුරෝපීය සමාජ මාධ්‍ය පරිශීලකයන් පවසා ඇත්තේ රුසියාවට එරෙහිව නොවන මෙම සම්බාධක "ඇමරිකාව යුරෝපා සංගමයට පැනවූ සම්බාධක" බව පැහැදිලි බවය.

රුසියාව සහ යුක්රේනය අතර ගැටුම සිදු වීමෙන් පසු, ඇමරිකාව සහ එහි යුරෝපීය හවුල්කරුවන් රුසියාවට බොහෝ සම්බාධක පනවා ඇත. ඉන් දැනටමත් නොසන්සුන්කාරී තත්ත්වයක් අවුලුවා ඇත. කෙසේ වෙතත්, සම්බාධක අනිසි ලෙස භාවිත කිරීමේ ප්‍රතිවිපාක ක්‍රමයෙන් මතුවෙද්දී, යුරෝපය ගැටුමේ ප්‍රධාන ගොදුරු බවට පත් විය.

යුරෝපයේ විශාලතම තෙල් සැපයුම්කරු රුසියාවයි. එහි තෙල් හා ගෑස් අපනයනය තහනම් කළ පසු, යුරෝපයේ තවදුරටත් බලශක්ති මිල ඉහළ යාම සහ විශාල ඉල්ලුම පරතරයකට මුහුණ දීම නොවැළැක්විය නොහැකිය.

යුරෝපයේ ආහාර ගැටලුව ද පරීක්ෂණයකට මුහුණ දී සිටී. යුක්රේනය "යුරෝපීය ධාන්‍යාගාරයක්" ලෙසට සැලකේ. තත්ත්වය පිරිහීමත් සමග, කළු මුහුදේ වරාය හරහා වෙළඳාම් කිරීමට බරපතල ලෙස බාධා ඇති වී ඇති අතර, තිරිඟු සහ අනෙකුත් ආහාරවල මිල ඉහළ යමින් තිබේ.

වඩාත් බරපතල වන්නේ ආරක්ෂක ගැටළුවයි. භූගෝලීය වශයෙන්, රුසියාව සහ යුක්රේනය යුරෝපීය රටවලට අත්හැර නොහැකි අසල්වැසියන් වේ.

ඇමරිකාව සමඟ සම්බාධක ක්‍රියාත්මක කිරීමෙන් ගැටලුව කිසිසේත් විසඳෙන්නේ නැත. මෙසේ කිරීමෙන් එහි දේශපාලන සමථකරණ ක්‍රියාවලියට බලපානු ඇත. යුරෝපය තමන්ගේම අවශ්‍යතාවලින් ඉදිරියට යා යුතුය.යුක්රේනයේ අර්බුදයේ මූල හේතුවලට මුහුණ දී  සමබර, ඵලදායී සහ තිරසර යුරෝපීය ආරක්ෂක රාමුවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කළ යුතුය.

යුරෝපයට, "ඇමරිකානු උගුලෙන්" බේරී උපායමාර්ගික ස්වයං පාලනයක් ලබා ගැනීමට කාලය  උදා වී තිබේ .

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන