“ප්‍රතිඵල සහ සාමය අත්කර ගැනීමට" රුසියා යුක්රේන සාම සාකච්ඡාවලට චීනය සහාය දෙයි
2022-03-09 19:36:23
Share with:

“ප්‍රතිඵල සහ සාමය අත්කර ගැනීමට" රුසියා යුක්රේන සාම සාකච්ඡාවලට චීනය සහාය දෙයි_fororder_QQ图片20220309193522

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා  ඊයේ (8) ප්‍රංශ ජනාධිපති සහ ජර්මානු චාන්සලර්වරයා සමඟ වීඩියෝ සමුළුවක් පැවැත්වීය. යුරෝපා මහාද්වීපයේ යුධ තත්ත්වයක් නැවත ආරම්භවීම දැඩි ලෙස හෙළා දකින චීනය දුෂ්කරතා ජය ගෙන "ප්‍රතිඵල සහ සාමය පිළිබඳ   සාකච්ඡා කිරීමට" රුසියා යුක්රේන දෙපාර්ශ්වයට සහාය ලබා දෙන බව ඔහු පැවසීය. යුරෝප සංගමය, රුසියාව, ඇමරිකාව සහ නේටෝ සංවිධානය අතර සමාන සංවාදයක් පැවැත්වීම  චීනය සාදරයෙන් පිළිගනී.

විශාල රටක් ලෙස වෛෂයික, සාධාරණ හා වගකීම් සහගත කාර්යභාරයක් පිළිබිඹු කරමින් චීනය සැම වටම තම ස්ථාවරය ප්‍රකාශ කර ඇත්තේ කාරණයේ ස්වභාවයට අනුකූලව බව ෂී ජින් පිං මහතාගේ ප්‍රකාශයන් නැවත වරක් පෙන්නුම් කෙරේ.

යුක්රේනයේ තත්ත්වය ඉතා සංකීර්ණ ඓතිහාසික කරුණු රැසකින් සමන්විතය. එය විවිධ සාධකවල ඒකාබද්ධ ක්‍රීයාකාරිත්වයේ ප්‍රතිඵලයකි. ඒවා අතර, ඇමරිකාව ප්‍රමුඛ නේටෝ සංවිධානයට නොසැලෙන වගකීමක් පවතී.

ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයෙකු සහ වගකිව යුතු ප්‍රධාන රටක් ලෙස චීනය යුක්රේන ප්‍රශ්නය සම්බන්ධයෙන් සිය ස්ථාවරය නැවත නැවතත් ප්‍රකාශ කර ඇති අතර සාම සාකච්ඡා ප්‍රවර්ධනය කිරීමේදී සාධනීය කාර්යභාරයක් ඉටු කිරීමට කැමැත්ත පළ කර තිබේ. සීතල යුද්ධය අවසන් වීමෙන් පසුව, ඇමරිකාව විසින් නේටෝ  සංවිධානය නැගෙනහිර දෙසට ප්‍රසාරණය කිරීම මෙවර රුසියානු යුක්රේන ගැටුමේ මූලය වී ඇත. තාර්කික ඉදිරි දර්ශනයකින් යුක්රේන අර්බුදයේ සැබෑ මූලික හේතු වලට යුරෝපය මුහුණ දිය යුතුය. සමාන සංවාදයක් පැවැත්වීමෙන් සහ සමබර, ඵලදායී සහ තිරසර යුරෝපීය ආරක්ෂක රාමුවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමෙන් පමණක් අදාළ පාර්ශ්වයන්ට යුරෝපයේ දිගුකාලීන ආරක්ෂාව සඳහා සහතිකයක් සැපයිය හැකි වෙයි.

ජාත්‍යන්තර ප්‍රජාවේ ප්‍රධාන බලවේග දෙකක් ලෙස චීනය සහ යුරෝපය සාමය, සංවර්ධනය සහ සහයෝගීතාවය හඹා යාමේදී සිය වගකීම දැරිය යුතු අතර කැලඹිලි සහිත සහ වෙනස් වන ලෝකයට වැඩි ස්ථාවරත්වයක් සහ නිශ්චිතභාවයක් සැපයිය යුතුය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන