ලෝකයෙන් සියයට 9ක වගා බිම් මෙන්ම සියයට 6ක මිරිදිය ජල සම්පත් හිමි චීනය, ලෝකයේ පහෙන් එකක ජනගහනයක් පෝෂණය කරනවා. කෝටි 40ක චීන ජනතාවව ප්‍රමාණවත් තරම් ආහාර ගැනීමට නොහැකි වූ දා සිට අද වනවිට බිලියන 1.4 කට වැඩි ජනතාවකට හොඳින් ආහාර ගැනීමට හැකිවීම දක්වා පරිවර්තනය වී තිබෙනවා . එය "චීනය පෝෂණය කෙරෙන්නේ කවුරුන් විසින් ද" යන ප්‍රශ්නයට ඵලදායී පිළිතුරක්. චීනය ස්වයංපෝෂිත විය යුතු අතර ස්වශක්තියෙන් නැගී සිටිය යුතු යැයි චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.
සාමයේ සිටියද අනතුර සිහි තබා ගත යුතු අතර සුරක්ෂිතභාවයෙන් අවුල් සහගත බව වැළැක්විය යුතුයි. ආහාර සුරක්ෂිතතාවය, ජාතික ආර්ථිකය හා සම්බන්ධ වැදගත් මිණුමක් වන අතර එය ජාතික ආරක්ෂාව සඳහා වන මහා උපායමාර්ගයක්.
ආහාර සුරක්ෂිතතාවය රටේ පදනමයි. ආහාර මිනිසුන් ගේ ස්වර්ගයයි. ආහාර ප්‍රමාණය වැඩි හා අඩු බව ක්‍රමෝපායීය කරුණක්, එහෙත් ආහාර සුරක්ෂිතතාවය උපායමාර්ගික ප්‍රශ්නයක් බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අවධාරණය කර තිබෙනවා. චීනයට, සමාජ ස්ථාවරත්වය සහ ජනජීවිත සුරක්ෂිතභාවය ළඟා කර ගැනීමට ඉතා වැදගත් හේතුවක් වන්නේ ප්‍රමාණවත් ආහාර තිබීමෙන් කණස්සලක් නොමැතිවීමයි. චීන ජනාධිපතිවරයා චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුවේ මෙවර වාර්ෂික සැසිවාරයේදී කෘෂිකර්මික ක්ෂේත්‍ර පිළිබඳ සාමාජිකයන් සමඟ අදහස් හුවමාරු කිරීමේදී මේ බව ප්‍රකාශ කළා.
ධාන්‍ය වගාවන් පිළිබඳ ප්‍රශ්ණ ද ෂී ජින්පිං මහතාගේ අවධානයට ලක් වී තිබෙනවා. ජාත්‍යන්තර සැපයුම් ඉතා ප්‍රමාණවත් බැවින් ධාන්‍ය මිලදී ගැනීම වඩා හොඳ යැයි මත පවතිනවා. එය ඉතා ලෙහෙසි කථාවක් බව හෙතෙම පෙන්වා දුන්නා. සෝයා බෝංචි, බඩඉරිඟු, කපු යනාදිය දැන් වගා නොකළහොත්, ජාත්‍යන්තර වෙළෙඳපොළේ හිඟයක් සිදු වුවහොත් යළි වගා කරන්න කාලය තිබෙනවා ද? අවුරුදු තුනකින් පහකින් එම වගා ඉලක්ක සපුරා ගන්න හැකි දැයි චීන ජනාධිපතිවරයා ප්‍රශ්ණ කළා. ඇතැම් ස්ථානවල හරිතකරණය සඳහා වැවක් ඉදි කිරීමට වගා ඉඩම් භාවිත කරන්න සිදු වුණා. ඇතැමුන් සිතන්නේ තාක්ෂණ දියුණුව ඇති වුවහොත් වර්ග කිලෝමීටර් ලක්ෂ 12 ක් වගා ඉඩම් අවශ්‍ය නොවන බවයි. කිසිදු පෙර සූදානමක් නැතිව කොහොමද සුරක්ෂිතබවක් ඇති වන්නේ? ආහාර සුරක්ෂිතභාවය සඳහා ඉතා විශාල ආරක්ෂිත සාධකයක් තිබිය යුතු යැයි හෙතෙම අවධාරණය කළා.
වර්ග කිලෝමීටර් ලක්ෂ 12 ක වගා ඉඩම් රතු රේඛාවක් මෙන් රටේ ජීවිතයට සම්බන්ධ ආරක්ෂිත රේඛාවක්. වගා බිම් ආරක්ෂා කිරීමේදී කිසිදු ලිහිල් බවක් හෝ විවිධ උපක්‍රම යෙදීමට කිසිවෙකුට හෝ අවසරයක් නොමැති බව හෙතෙම පැවසුවා.