චීනයේ රාජ්‍යතාන්ත්‍රික අදහස් පැහැදිලි කෙරේ
2022-03-08 11:03:40
Share with:

චීනයේ රාජ්‍යතාන්ත්‍රික අදහස් පැහැදිලි කෙරේ

චීන රාජ්‍ය මන්ඩල සාමාජික  සහ විදේශ අමාත්‍ය Wang Yi මහතා ඊයේ (7) පැවති මාධ්‍ය හමුවේදී චීනයේ රාජ්‍යතාන්ත්‍රික අදහස් ගෙන හැර දැක්වීය.

මාධ්‍ය හමුව පැය දෙකකට ආසන්න කාලයක් පැවති අතර, යුක්රේන තත්ත්වය, ප්‍රධාන බලවතුන් අතර සබඳතා සහ ගෝලීය පාලනය යන ප්‍රධාන කරුණු ආවරණය කරමින් Wang Yi මහතා ප්‍රශ්න 27 කට පිළිතුරු ලබා දුන්නේය.

ප්‍රස්තුතයේ හරි වැරැද්ද මත පදනම්ව, චීනය යුක්රේන ප්‍රශ්නය විසඳීම සඳහා යෝජනා හතරක් ඉදිරිපත් කළ අතර, සාමය ඒත්තු ගැන්වීම සහ සාකච්ඡා ප්‍රවර්ධනය කිරීම සහ මහ පරිමාණ මානුෂීය අර්බුදයක් වළක්වා ගැනීම යන කරුණු කෙරෙහි අවධානය යොමු කරන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටියේය. එමෙන්ම චීනය මැද පෙරදිග ආරක්ෂාව සහ ස්ථාවරත්වය ළඟා කර ගැනීම සඳහා මුලපිරීම් පහක් ද ඉදිරිපත් කළේය.

වසංගතය සහ දේශගුණික විපර්යාස වැනි ගෝලීය අභියෝගවලට මුහුණ දෙමින්, චීනය ලෝකයට, විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට වසංගත විරෝධී ආධාර සැපයීම අඛණ්ඩව සිදු කරන බව එහිදී ප්‍රකාශ විය. විශාල අවධානයට ලක්ව ඇති චීන-ඇමරිකා සබඳතා සම්බන්ධයෙන් අදහස් දැක්වූ හෙතෙම, දෙරටේ සබඳතා හිතකර  සහ ස්ථාවරත්වයේ නිවැරදි මාවතට ආපසු ගෙන යෑම සඳහා අන්‍යෝන්‍ය ගෞරවය, සාමකාමී සහජීවනය සහ සහයෝගිතාව හා පොදු ජයග්‍රහණය යන මූලධර්ම තුන භාවිතා කළ යුතු බව පෙන්වා දුන්නේය. චීනය සැබෑ බහුපාර්ශ්වවාදය අනුගමනය කිරීමෙන් ප්‍රධාන රටක වගකීම පිළිබිඹු කෙරේ.

චීනය සැමවිටම ලෝක සාමය ගොඩනඟන්නෙක්, ගෝලීය සංවර්ධනයට දායකවන්නෙක් සහ ජාත්‍යන්තර පටිපාටියේ ආරක්ෂකයෙක් ලෙසට ක්‍රියා කරයි. එය  චීනය සැමවිටම ප්‍රායෝගිකව අනුගමනය කරයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන