සියුම් ජනතා ගැටළු පුළුල්ව වටහාගන්නා මානව හිතවාදී නායකයා- ෂී ජින්පිං
2022-03-06 18:23:38
Share with:

සියුම් ජනතා ගැටළු පුළුල්ව වටහාගන්නා මානව හිතවාදී නායකයා- ෂී ජින්පිං_fororder___172.100.100.3_temp_9500032_1_9500032_1_1_892e55d3-8e63-4c66-89ab-bce49169788f

චීන ජාතික මහජන කොංග්‍රස වාර්ෂික සැසියට එක්වීමට පැමිණි ඇතුළු මොන්ගෝලියානු ස්වායත්තයේ නියෝජිත, චාඕ හුයිජේ මහත්මිය, ඇගේ කණ්ඩායමේ සෙසු නියෝජිතයන් සමග එදින උදේවරුවේ ඉදිරිපත් කෙරුණු රාජ්‍ය කාර්ය වාර්තාව පරීක්ෂා කරමින් සාකච්ඡා කළා. මෙම සාකච්ඡාව පැවැත්වුණේ 5වැනිදා සවස බෙයිජිංහි මහජන මහ ශාලාවේ, නැගෙනහිර ශාලාවේ දී.

මීට සිවු වසරකට පෙරත් තමා බෙයිජිං මහජන මහ ශාලාවට පැමිණි අවස්ථාව ඇය සිහිපත් කළා. මෙහිදී චීන කොමියුනිස්ට් පක්ෂයේ හා රටේ උත්තරීතර නායක ෂී ජින්පිං මහතාත් ඇතුළු මොන්ගෝලියානු ස්වායත්තයේ නියෝජිතයන් අතරට පැමිණ, ඔවුන් සමග එක්ව රාජ්‍ය කාර්ය වාර්තාව පරීක්ෂා කරමින් සාකච්ඡා කිරීම කැපීපෙනුණා.

‘ඒකපුද්ගල වගා බිම් ප්‍රමාණය කොපමණ ද?  ගොවිබිම්වලට ජල සැපයුම කොහොම ද? කසළ පාලනය කරන්නේ කොහොම ද?’ වැනි ජනජීවිතයට අදාළ ප්‍රශ්න රැසක් ෂී ජින්පිං මහතා එහිදී සවිස්තරාත්මකව ඔවුන්ගෙන් විමසුවා. ජනාධිපතිවරයා ඇසූ සියුම් ප්‍රශ්න ‍පිළිබඳව ඇයට විස්මයක් දැනුණත්, පසුව ඇය එහි පවතින  ගැඹුර වටහාගත්තා. එනම්, මතුපිටින් සුළු ප්‍රශ්න ලෙස පෙනුණත් ජන ජීවිතයට ඍජුව අදාළ වන එවැනි ප්‍රශ්න, ෂී ජින්පිං මහතා රටේ වැදගත් ගැටළු ලෙස හැමවිටම සිතට ගන්නා බව. එය, ජනහිතකාමී නායකයෙකුගේ උතුම් ගුණයක්.

වසර 2018 දී ෂී ජින්පිං මහතා චීන ජාතික මහජන කොංග්‍රසයේ නියෝජිතයෙකු ලෙස තේරී පත්වූයේ ඇතුළු මොන්ගෝලියානු ස්වායත්තයෙන්. චීන ජාතික මහජන කොංග්‍රසයේ මැතිවරණයේදී එකල තමා එම ප්‍රදේශය නියෝජනය කිරීමට විශේෂ හේතුවක් පැවති බව ෂී ජින්පිං මහතා කියා සිටියා. ඒ, සුළු ජනවාර්ගික ප්‍රදේශ හා මායිම් ප්‍රදේශ කෙරෙහි චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව දක්වන සියුම් අවධානය වගේම, සංවර්ධනය අතින් සාපේක්ෂව නොදියුණු තත්ත්වයේ පසුවන ප්‍රදේශවල සංවර්ධනයට දරන දැඩි අධිෂ්ඨානය ද එයින් ප්‍රකට බව ජනාධිපතිවරයා පෙන්වාදුන්නා.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන