මේ වසරේ චීන ආර්ථික වර්ධනය සක්‍රිය හා අපේක්ෂා සහගත ඉලක්කයක් කරා
2022-03-05 19:46:14
Share with:

මේ වසරේ චීන ආර්ථික වර්ධනය සක්‍රිය හා අපේක්ෂා සහගත ඉලක්කයක් කරා_fororder_6a2e9dd63620289203c8cb4b31427ad9

චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිය අද(5) ඇරඹිණ. එහි සමාරම්භක සමු‍ළුවේදී ඉදිරිපත් කෙරුණු රාජ්‍ය කාර්ය වාර්තාව ගෙවී ගිය වසරේ සංවර්ධන ජයග්‍රහණ සම්පිණ්ඩනය කරමින් වසර 2022 වැදගත් කර්තව්‍යයන් පිළිබඳ සැලසුම් ඉදිරිපත් කර ඇත. ස්ථාවර සංවර්ධනය, වඩාත් ප්‍රමුඛ ස්ථානයක තබා ගත යුතු චින්තනයක් බව එහිදී අවධාරණය කෙරේ.

අවදානම් හා අභියෝග රැසක් හමුවේ වුවද වසර 2021 චීන ආර්ථිකය ස්ථිර වර්ධනයක් අත්කරගෙන ඇත. වසරේ ප්‍රධාන මූලික අපේක්ෂිත ඉලක්ක ‍මනා ලෙස සපුරා තිබේ. එය 14වන පස්අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කිරීමට මනා ආරම්භයක් වී ඇත.

එවන් ජයග්‍රහණ තුළින් චීන ආර්ථිකය සතුව ඇති පූර්ණ නම්‍යශීලිත්වය හා අවදානම්වලට ඔරොත්තු දීමේ ප්‍රබල හැකියාව පිළිබිඹු වෙයි. තවද එය, චීන රජය විසින් වසංගත පාලනය හා ආර්ථික සමාජ සංවර්ධනය මනා සම්බන්ධීකරණයක් යටතේ මෙහෙයවනු ලැබීම, ස්ථාවරත්වය පිළිබඳ චින්තනයෙන් වෙන් කළ නොහැකිය.

වසංගතය තවමත් ගෝලීය වශයෙන් පවතින අභියෝගයකි. බාහිර පරිසරය ද වඩාත් සංකීර්ණ හා අස්ථිර වුවද, චීනය මෙම වසරේ දළදේශීය නිෂ්පාදිත වටිනාකමේ අපේක්ෂිත වර්ධනය සියයට 5.5ක් ලෙස නියම කර ඇත. එය, චීන ආර්ථිකය මුහුණපාන දෙස් විදෙස් තත්ත්වය, සැබෑ ආර්ථික ක්‍රියාකාරීත්වය හා ස්ථාවරත්වයට ප්‍රමුඛත්වය ලබාදීම පිළිබඳ අවධානය යොමුකර සැකසුණු ඉලක්කයකි.

වසංගතයෙන් පසු ආර්ථික පුනර්ජීවය සැලකිල්ලට ගෙන, මෑත වසර දෙක තුළ සියයට 5.1ක සාමාන්‍ය වර්ධන අනුපාතය හා සැසඳීමේදී මෙම වසරේ අපේක්ෂිත වර්ධනය, ‘සක්‍රිය හා අපේක්ෂා සහගත’ බව ජාත්‍යන්තර උපදේශන සමාගමක් වන Kearney සමාගමේ හවුල්කරුවෙකු වන චෞ පෙං මහතා පෙන්වා දී තිබේ.

ගුවන් විදුලිය
20240416අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන