ශීත ඍතු පැරාලිම්පික් උළෙලෙන් හෙළිවන චීනයේ සමාජ ඒකාබද්ධතාව පිළිබඳ ජයග්‍රහණ
2022-03-04 16:23:57
Share with:

ශීත ඍතු පැරාලිම්පික් උළෙලෙන් හෙළිවන චීනයේ සමාජ ඒකාබද්ධතාව පිළිබඳ ජයග්‍රහණ_fororder_ec6e5882f8cd55412b812bae762b15ec

2022 බෙයිජිං ශීත ඍතු පැරාලිම්පික් උළෙල මාර්තු 4 වනදා රාත්‍රියේ ආරම්භ වෙයි.

බෙයිජිං ශීත ඍතු පැරාලිම්පික් උළෙලේ ස්වේච්ඡා සේවකයන්ගේ වගකීම් සහගත සේවාවෙන්, ‘චීන ජනතාවගේ ආගන්තුක සත්කාරය මනාව ප්‍රකට වන’බව ජාත්‍යන්තර පැරාලිම්පික් කමිටු සභාපති Andrew Parsons මහතා අගය කර ඇත. එසේම,‘චීන ජාතිකයන් විශිෂ්ටත්වයේ කාර්යයක් ඉටුකළ’ බව වොලිබෝල් ක්‍රීඩිකාවක වූ, ජාත්‍යන්තර පැරාලිම්පික් කමිටුවේ තරග ඉසව් පරිශ්‍ර සන්නාම කළමනාකාරවරියක වන Gisela Duarte මහත්මිය පැවසුවාය.

ජගත් පුද්ගලයින් අත්දුටු ‘ආගන්තුක සත්කාරය’ හා ‘විශිෂ්ටත්වයේ කාර්යය’, ගෙවී ගිය වසර හය තුළ ‘හරිතබව, බෙදා ගැනීම, විවෘතභාවය, පවිත්‍රතාව’ යන සංකල්පයට අනුකූලව මෙවර ශීත ඍතු පැරාලිම්පික් උළෙලේ සාර්ථකත්වය වෙනුවෙන් චීනය දැරූ අප්‍රමාණ ප්‍රයත්න හා අවියෝජනීය ලෙස බැඳී පවතී.

බෙයිජිං ශීත ඍතු පැරාලිම්පික් උළෙල, බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් උළෙලේ යොදා ගැනුණු පහසුකම් පොදුවේ භාවිත කරනු ඇති අතර ඒවා ආබාධිත පුද්ගලයින්ට හිතකාමී ලෙස යළි ප්‍රතිසංස්කරණය කර තිබේ. ආබාධිත පුද්ගලයින්ගේ ගමන්වලට බාධා රහිත පහසුකම් සලසා දෙමින්, උස අඩු ඇඳන් සවිකිරීම, දෘශ්‍යාබාධිත තත්ත්වයේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් බ්‍රේල් භාෂා මෙනු සැපයීම වැනි සියුම් සේවා ද ලබා දී තිබේ. ගිම්හාන ඔලිම්පික් හා ශීත ඍතු ඔලිම්පික් දෙකම පවත්වා ඇති බෙයිජිං නගරය, සුපරීක්ෂාකාරීව, සෙනෙහසින් මෙවර ශීත ඍතු පැරාලිම්පික් උළෙලට එක් වන විවිධ රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් සත්කාරක ලබා දීමට සූදානම් ව සිටී.

ආබාධිත පුද්ගලයින්ගේ ක්‍රීඩා ව්‍යායාමය, රටක ආබාධිත පුද්ගලයින්ගේ අයිතීන් සුරැකීමේ මෙන්ම සමාජ ඒකාබද්ධතාව පිළිබඳ ජයග්‍රහණයන්හි පිළිබිඹුවකි.

චීනයේ , ආබාධිත පුද්ගලයින්ගේ ව්‍යායාමය, රටේ ජාතික ආර්ථික හා සමාජ සංවර්ධන සැලැස්ම හා ජාතික මානව හිමිකම් මෙහෙයුම් සැලැස්මට ඇතුළත් වී තිබේ. ‘සමානාත්මතාවය, සහභාගිත්වය, බෙදා ගැනීම’ පිළිබඳ සමාජ පරමාර්ථය මනාව ඉටු කර ඇත. එය චීනයේ මානව හිමිකම් සංරක්ෂණ ප්‍රයත්නය සඳහා ප්‍රබල සාක්ෂියක් ලෙස සැලකිය හැකිය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන