චීනය ආබාධිතයන්ගේ ව්‍යායාමයට කෙරෙහි විශේෂ සැලකිල්ලක් සහ විශේෂ අවධානයක් යොමු කරයි
2022-03-04 12:54:40
Share with:

图片默认标题_fororder_10

ශාරීරික වශයෙන් දුබලතා ඇතත්, ඔවුහු නිරන්තරයෙන් ධෛර්යවන්තව තම සිහිනය වෙත පියමනිමින් සිටිති. බෙයිජිං ශීත ඍතු පැරා ඔලිම්පික් උළෙල හෙට (4) ආරම්භ වෙයි. ක්‍රීඩා පිටියේ සුන්දරත්වය සමඟ, නව යුගයේ චීනයේ ආබාධිත පුද්ගලයින්ගේ ස්වයංහැකියා සංවර්ධනයත් ආබාධිතයන් උදෙසා වන සේවාවන්හි ජයග්‍රහණත් මනාව සුසංයෝග වනු ඇත.

图片默认标题_fororder_02

2020 වසරේ සැප්තැම්බර් 17 වැනිදා, 14 වැනි පස් අවුරුදු සැලැස්මේ බිම් මට්ටමේ නියෝජිතයන් සඳහා සම්මන්ත්‍රණයක් චීනයේ Hunan පලාතේ Changsha නගරයේදී පැවැත්විණ.

එහිදී, 90 දශකයේ අගභාගයේ උපන් Miao ජාතික දැරියක වූ Yang Shuting ගේ කතාව චීන ජනාධිපතිවරයාගේ සිත් ගත්තේය.

2011 වසරේ, රිය අනතුරකින් Yang Shuting අධි අංශභාග රෝගියෙකු බවට පත්වූවාය. ඇගේ ප්‍රතිකාර සඳහා දෙමාපියන්ට චීන යුවාන් ලක්ෂ දෙකකට වඩා ණය වීමට සිදුවිය. ඇයගේ ජීවිතය අඳුරු අගාධයකට ඇදවැටිණ. එහෙත්, දෛවයට එරෙහි සටනින් ඇය පරාජය වූයේ නැත. විවිධ පාර්ශ්වයන්ගේ සහයෝගයෙන්, ඇය පාපන්දු, ගමන් මලු ආදිය නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කළ අතර, උපන් ගමේ දුප්පත් පවුල් සිය ගණනකට ද දරිද්‍රතාවයෙන් මිදීමට සහාය වූවාය.

Yang Shuting ගේ අරගලයේ කතාව නව යුගයේ චීනයේ ආබාධිතයන් සඳහා චිත්ත ධෛර්යය පිළිබඳ විශිෂ්ට ආදර්ශයකි.

图片默认标题_fororder_04

වැලමිට ස්පර්ශයෙන් දොර විවෘත කළ හැකිය. 2022 වසරේ ජනවාරි 4 වැනිදා, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා බෙයිජිං ශීත සෘතු ඔලිම්පික් ගම්මානයට පැමිණියේ පරීක්ෂා කිරීම සඳහා ය. ආබාධිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නිවාසවල බාධකවලින් තොර පහසුකමක් ජනාධිපතිවරයාගේ පැසසුමට ලක්විය.

අපි විස්තර සමඟ කටයුතු කළ යුතුයි, ක්‍රීඩකයින් සිතන්නේ කුමක්දැයි සිතිය යුතුයි, ක්‍රීඩකයින්ට අවශ්‍ය දේ කළ යුතුයි. ෂී ජින් පිං මහතා මේ විධිහට අවාධරණය කළේය.

ආබාධිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැකබලා ගැනීම ඉතා පරෙස්සම්කාරී වන අතර, බහුතර ආබාධිත පුද්ගලයන් සඳහා වන රැකවරණය සහ උපකාරය ද නිරවද්‍ය සහ කල්පනාකාරී විය යුතුය.

විශේෂ දුෂ්කරතා ඇති පුද්ගලයින් සඳහා ඉලක්කගත නිශ්චිත ආධාර ක්‍රියාත්මක කළ යුතැ යැයි ෂී ජින් පිං මහතා සඳහන් කළේය. ඔහුගේ නායකත්වය යටතේ විවිධ සමාජ ආරක්ෂණ පියවරයන් වැඩි වැඩියෙන් වැඩිදියුණු කර ඇත.

图片默认标题_fororder_06

බහුතර ආබාධිත පුද්ගලයින්ට කෑම බීම, ඇඳුම් පැළඳුම් ගැන කරදරයක් තොරව සාමයෙන් හා තෘප්තියෙන් යුතුව ජදිංචි වීම සහ වැඩ කිරීම මෙන්ම සතුටින් ජීවිතය ගත කිරීමට ඉඩ දිය යුතු බව ෂී ජින් පිං මහතා අවාධරණය කළේය. චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික සම්මේලනයෙන් පසුළු, චීනය ආබාධිතයන්ගේ ව්‍යායාමයට කෙරෙහි විශේෂ සැලකිල්ලක් සහ විශේෂ අවධානයක් යොමු කර ඇත. 2020 වසරේදී නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශවල සහතික සහිත ආබාධිත පුද්ගලයින්ගේ රැකියා පරිමාණය මිලියන 8.62 දක්වා ළඟා වී තිබේ. ඔවුන් රටේ සෞභාග්‍යයේ සහ ශක්තියේ මහිමය මුළු රටේම ජනතාව සමඟ බෙදා හදා ගනිමින් සිටියි.

බෙයිජිං ශීත ඍතු පැරාලිම්පික් උළෙල ආරම්භ වීමට සූදානම් ‍පවතී. බෙයිජිං හි විවිධ පාසල්, ප්‍රජාවන් සහ වෙනත් ස්ථාන වලින් එකතු කරන ලද ගිනිසිළු බෙයිජිං ශීත ඍතු පැරාලිම්පික් උළෙලේ නිල ගින්නට එක් වනු ඇත. එය කැඳවීමක් ලෙස පෙනේ, නව යුගයේ ශ්රේෂ්ඨ ගමන ආබාධිත පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් වෙන් කළ නොහැකි ය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන