"මානව හිමිකම් ආරක්ෂකයින්ගේ" වෙස් මුහුණ ගැලවෙයි
2022-03-03 22:04:41
Share with:

"මානව හිමිකම් ආරක්ෂකයින්ගේ" වෙස් මුහුණ ගැලවෙය_fororder_rBABC2IguB-AMJiMAAAAAAAAAAA613.1000x563

චීන විදේශ අමාත්‍යාංශය ඊයේ(2) “ඇමරිකාව විසින් රතු ඉන්දියානුවන් සමූලඝාතනය කිරීමේ ඓතිහාසික සත්‍ය‍ය සහ සැබෑ සාක්ෂි” යන මැයෙන් ලිපියක් නිකුත් කරමින් රතු ඉන්දියානුවන්ගේ භෞතික පැවැත්මේ සිට සංස්කෘතික ජීවිතය දක්වාම  විනාශ කිරීමේ ක්‍රියාවලිය සවිස්තරාත්මකව පැහැදිලි කළේය. එය ඇමරිකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ අපරාධ ක්‍රියා ලෝකයට පෙන්වා දුන්නේය.

ඇමරිකාව පිහිටවූ දා සිට සාමූහික ඝාතන, නෙරපා හැරීම්, බලහත්කාරයෙන් උදුරා ගැනීම් යන විවිධ කුරිරු හිංසන තුළින් රතු ඉන්දියානුවන්ගේ ජීවත්වීමේ අයිතිය සහ මූලික දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික අයිතීන් ක්‍රමානුකූලව විනාශ කර  දමා ඇත.

දිගුකලක් තිස්සේ මානව හිමිකම් ගුරුවරයෙකු ලෙසට තමා හඳුන්වාදෙන ඇමරිකාව,  විවිධ අවස්ථාවලදී වෙනත් රටවල අභ්‍යන්තර කටයුතු සහ මානව හිමිකම් තත්ත්ව කෙරෙහි මැදිහත් වී ඇත. එහෙත් සිය රටේ පවතින මානව හිමිකම් කඩවීමේ දරුණු තත්ත්වයන් නොසලකා, ඒවා ලොවට සඟවාගෙන සිටී. ඊට ජගත් ප්‍රජාව පොදුවේ චෝදනා එල්ල කර ඇත. ඇමරිකාව විසින් රතු ඉන්දියානුවන් සමූල ඝාතනය කිරීම සහ රතු ඉන්දියානුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව විවිධ රටවල් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලය වෙත යන අවස්ථාවලදී එම ක්‍රියා දැඩි ලෙස හෙළා දැක ඇත. සිය වැරදි බැරෑරුම් ලෙස ආවර්ජනය කර නිවැරදි කරන ලෙස අදාළ රටවල් ඇමරිකාවෙන් ඉල්ලා තිබේ.

එවැනි විවේචනවලට ඇමරිකාව ඍජුව පිළිතුරු දිය  යුතුය. රතු ඉන්දියානුවන්ට එරෙහිව සිදු කරන ලද ජන සංහාරයට නිසි ආකාරයෙන් මුහුණ දිය යුතුය.මානව හිමිකම් ප්‍රශ්න සම්බන්ධයෙන් ඇමරිකාව  අනුගමනය කරන දෙබිඩි ප්‍රමිතීන් සඳහා ඉතිහාසයේ ඕනෑතරම්  සාක්ෂි පවතී. ජන සංහාරය යනු ඇමරිකාවට කිසිදා සෝදා හැරිය නොහැකි ඓතිහාසික කළු පැල්ලමකි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන