තායිවාන ප්‍රදේශයට ඊනියා "සහාය" දක්වන ඇමරිකානු ප්‍රයත්න නිෂ්ඵල වනු ඇත
2022-03-03 14:57:57
Share with:

තායිවාන ප්‍රදේශයට  ඊනියා "සහාය" දක්වන ඇමරිකානු ප්‍රයත්න නිෂ්ඵල වනු ඇත_fororder_QQ图片20220303145335

හිටපු ඇමරිකානු රාජ්‍ය ලේකම් Mike Pompeo ඊයේ (2) චීනයේ තායිවාන ප්‍රදේශයේ සංචාරයක නිරත විය. මෙය අපකීර්තිමත් දේශපාලනඥයෙකු විසින් කරන ලද විගඩමකි. තායිවාන ප්‍රදේශයේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂයේ බලධාරීන් සහ ඇතැම් ඇමරිකානු පුද්ගලයන් ඊනියා "ස්වාධීනත්වය සෙවීමට ඇමරිකාව මත යැපීම" සහ "චීනය පාලනය කිරීමට තායිවාන ප්‍රදේශය ප්‍රයෝජනයට ගැනීම" යන ක්‍රමවේද අනුගමනය කිරීම නිෂ්ඵල වේ.

Mike Pompeo ගේ මෙවර තායිවාන ප්‍රදේශයේ සංචාරයේ අරමුණ පැහැදිලිය. එක් අතකින්, ඔහු කිසිවිටෙකත් තම "ජනාධිපති සිහිනය" අත්හැරියේ නැත. අනෙක් අතට, ඔහු ඊනියා දේශන සහ වෙනත් අවස්ථා භාවිත කර අමතර මුදලක් උපයා ගැනීමට උනන්දු වෙයි.

Pompeo තායිවාන ප්‍රදේශයට පැමිණීමට දිනකට පෙර, වත්මන් ඇමරිකානු පරිපාලනය හිටපු ජාතික ආරක්ෂක සහ සුරැකුම් නිලධාරීන්ගෙන් යුත් දූත පිරිසක් එම ප්‍රදේශයට යවා ඇත. මින් පෙන්නුම් කරන්නේ ඇමරිකානු විපක්ෂය සහ පාලක පක්ෂය යන දෙකම චීනයේ තායිවාන ප්‍රදේශය දේශපාලන ආත්මාර්ථකාමීත්වය සඳහා අතකොළුවක් ලෙස සලකන බවයි.

ලෝකයේ ඇත්තේ එකම චීනය වන අතර තායිවාන ප්‍රදේශය චීනයේ භූමියෙන් වෙන් කළ නොහැකි කොටසකි. මෙය ප්‍රතික්ෂේප කළ නොහැකි ඓතිහාසික හා නීතිමය සත්‍යයකි! ඇමරිකාවේ සිට තායිවාන ප්‍රදේශයට යන ඕනෑම අයෙක් ඊනියා "සහාය" පෙන්වීම නිෂ්ඵල ප්‍රයත්නයක් වනු ඇත.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන