2021 ඇමරිකානු ව්‍යාජ මානව හිමිකම් ආරක්ෂකයා ජාත්‍යන්තර තලයේ සම්පූර්ණයෙන්ම බිඳ වැ‍ටේ
2022-03-01 10:06:56
Share with:

2021 ඇමරිකානු ව්‍යාජ මානව හිමිකම් ආරක්ෂකයා ජාත්‍යන්තර තලයේ සම්පූර්ණයෙන්ම බිඳ වැ‍ටේ_fororder_QQ图片20220301094319

2021 වසර "තමන්ගේ ජීවිතයේ නරකම වසර" වූ බවට  ඇමරිකානුවන්ගෙන් අඩකට වැඩි සංඛ්‍යාවක් විශ්වාස කරන්නේයැයි  ඇමරිකානු ජනමත විමසුමකින් පෙන්නුම් කෙරේ. මෙය ඇමරිකාවේ මානව හිමිකම් තත්ත්වය තවදුරටත් පිරිහීම පිළිබිඹු කරන, ඇමරිකානු ජනතාගේ හඬයි.

චීන රජය ඊයේ (28) නිළ වශයෙන්  2021 වසරේ ඇමරිකාවේ මානව හිමිකම් උල්ලංඝන පිළිබඳ වාර්තාව නිකුත් කළේය. ඇමරිකාව පසුගිය වසරේ මානව හිමිකම් උල්ලංඝනය පිටුදැකීමට ක්‍රියා නොකළා පමණක් නොව, තවදුරටත් මානව හිමිකම් කඩ කර ඇති බව, එම වාර්තාව සවිස්තරාත්මක දත්ත සහ සිද්ධීන් විශාල සංඛ්‍යාවක් ගෙන හැර පාමින්  හෙළිකරයි.

2021 ඇමරිකානු ව්‍යාජ "මානව හිමිකම් ආරක්ෂකයා" ජාත්‍යන්තර තලයේ සම්පූර්ණයෙන්ම බිඳවැටුණු වසර ද වේ. ජනවාරි මාසයේ Capital Hill කෝලාහල සිදුවීමේ සිට, අගෝස්තු මාසයේ ඇෆ්ගනිස්ථානයෙන් හමුදා කඩිමුඩියේ ඉවත් කර ගැනීම සහ, දෙසැම්බර් මාසයේ ඊනියා "ප්‍රජාතන්ත්‍රවාදී නායක සමුළුව" පැවැත්වීමේ ප්‍රහසනය දක්වා, ඇමරිකාව ලෝකයට පෙන්වූයේ "ඇමරිකානු මානව හිමිකම්" පිළිබඳ ව්‍යාජ කීර්තියේ බිඳීයාම යි. 2021 වසරේ පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරයේදී, ඇමරිකාව "ලෝකයේ මානව හිමිකම් සඳහා විශාලතම විනාශකරුවා" ලෙස රටවල් රැසක් හෙළා දුටුවේය.

ඇමරිකාව පළමුව දේශීය ගැටලු විසඳා ගත යුතු අතර, සෙසු රටවල් සමඟ කටයුතු කරන්නේ කෙසේදැයි නැවත සිතා බැලිය යුතු බව, හාවඩ් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ මහාචාර්යවරයෙකු වන Stephen Walt මහතා පෙන්වා දී තිබේ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන