ගෝලීය වශයෙන් ප්‍රශස්ත ආයෝජන වේදිකාවක් ලෙස චීනයේ ශක්‍යතා තවදුරටත් තහවුරු වෙයි
2022-02-28 20:47:10
Share with:

图片默认标题_fororder_rBABCmIcuEqAYkh9AAAAAAAAAAA523.1000x563

චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය අද(28) ‘ 2021 වසරේ ජාතික ආර්ථික හා සමාජ සංවර්ධන සංඛ්‍යාලේඛන නිවේදනය ’ නිකුත් කළේ ය. ගතවූ වසර තුළ, දෙස්-විදෙස් අභියෝග රැසක් ජය ගනිමින්, චීන ආර්ථිකය 8.1%ක වර්ධනයක් සාක්ෂාත් කර තිබේ. ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිත වටිනාකම 8%ක වර්ධනයකට ළඟා වී ඇත. ‍ගෝලීය දෙවැනි විශාලතම ආර්ථිකය ලෙස, චීනයේ මෙවැනි ජයග්‍රහණ, යළි ප්‍රකෘතිමත් වීම කෙරෙහි අවධානයක් යොමු කරන ලෝක ආර්ථිකයන්ට දැවැන්ත පිටුබලයක් සපයා තිබේ.

2021 වසරේ, චීනය ලෝක ආර්ථික වර්ධනයට ලබා දුන් දායකත්ව අනුපාතය 25%ක් පමණි. චීනයේ භාණ්ඩ අපනයන හා ආනයන සමස්ත වටිනාකම යුවාන් ට්‍රිලියන 39.1කි. මෙය 2020 වසරට සාපේක්ෂව 21.4%ක වර්ධනයක් පෙන්නුම් කරන අතර, ගතවූ වසර 5 තුළ, චීනය ගෝලීය භාණ්ඩ වෙළඳාම සඳහා අඛණ්ඩ ව පෙරමුණ ගෙන ඇත.

මෑත වසර කිහිපයක් තුළ, විදේශ ආයෝජන චීන වෙළඳපොළට පිවිසීමේ සෘණාත්මක ලැයිස්තුව අඛණ්ඩ ව අවම කිරීම, ආයෝජන පහසුකම් ඉහළ නැංවීම මෙන් ම ව්‍යාපාරික පරිසරය සැකසීම මනාව ක්‍රියාවට නංවා ඇත. මේ යටතේ, ගෝලීය වශයෙන් ප්‍රශස්ත ආයෝජන වේදිකාවක් බවට චීනය අඛණ්ඩව පත් ව තිබේ. පසුගිය වසරේ චීනයේ අලුතින් ස්ථාපනය කර ඇති විදේශ ආයෝජන ව්‍යවසායන්ගේ සංඛ්‍යාව 61දහසක් විය. 2020 වසරට සාපේක්ෂව එය 23.3%ක වර්ධනයකි. නව කොරොනා වසංගතය අඛණ්ඩ ව පැතිර යාම හා ගෝලීය ආයෝජනය දිගින් දිගටම පහළ මට්ටමක පැවතීම යටතේ, සුවිශාල පරිමාණ‍යකින් යුත් චීන වෙළඳපොළ ගෙනදෙන නව අවස්ථා, වැඩි අන්තර්ජාතික සමාගම් සංඛ්‍යාවක් ව්‍යාපාරික කටයුතු කෙරෙහි ආකර්ෂණය කරගැනීමෙහි බලපා තිබේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන