රුසියානු-යුක්රේන අර්බුදය නිරාකරණයට ඇති එකම විසඳුම සාම සාකච්ඡා
2022-02-26 17:31:27
Share with:

ඊයේ (25) චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා දුරකථන සාකච්ඡාවක නිරත වෙමින් රුසියානු-යුක්රෙන අර්බුදය පිළිබඳව අදහස් හුවමාරු කර ගත්හ. යුද්ධය වෙනුවට සාකච්ඡා මාර්ගයෙන් එම අර්බුදය නිරාකරණයට චීනය අනුබල දෙන බව එහිදී චීන ජනාධිපතිවරයා කියා සිටියේ ය. රුසියානු ජනාධිපතිවරයා ඊට එකඟතාව පළ කර තිබේ. චීන හා රුසියානු ජනාධිපතිවරුන්ගේ එම දුරකථන සාකච්ඡාවේදී වැදගත් පණිවිඩයක් නිකුත් විය. එම පණිවිඩය වන්නේ රුසියාව හා යුක්රේනය අතර යුදමය ගැටුමක් හටගෙන ඇතත් සාකච්ඡා මාර්ගයෙන් ගැටළු විසඳ ගැනීමේ ඉඩකඩ තවමත් පවතින බවයි. මීට පෙර යුක්රේන ජනාධිපති Volodymyr Zelensky කියා සිටියේ රුසියාව සමග සියලු ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කිරීමට සූදානම් බවයි.

යුක්රේන ප්‍රශ්නය දේශපාලන වශයෙන් විසඳ ගැනීම සඳහා චීනය අඛණ්ඩව උත්සාහ දරමින් සිටී. චීන හා රුසියානු නායක දෙපල අතර පැවති මෙම සාකච්ඡා එවන් උත්සාහයකි. යු‍ක්රේන ප්‍රශ්නය මෙතරම් උග්‍ර වී ඇත්තේ ඇමරිකාව ප්‍රමුඛ නැටෝ සංවිධානයේ වැරදි ක්‍රියාකලාපය බැවින් කියා කිව හැකි ය. සිසිල් යුද්ධයෙන් පසු ඇමරිකාවේ ප්‍රධානත්වයෙන් නැටෝ සංවිධානය 5 වතාවක් නැගෙනහිර යුරෝපය දෙසට ව්‍යාප්ත වී ඇත. එයින් රුසියාවේ දේශසීමා ආරක්ෂාවට එල්ල වී ඇත්තේ බරපතල තර්ජනයකි.2014 වසරේ සිට ඇමරිකාව යුක්රේනයට ඇමරිකානු ඩොලර් බිලියන ගණනක යුධ ආධාර ලබා දී තිබේ. එපමණක් නොව නැටෝ සංවිධානය යුක්රේනය සමග එක්ව බොහෝ වර විශාල පරිමාණ යුද අභ්‍යාස සිදු කරමින් රුසියාවේ ආරක්ෂාවට සෘජු බලපෑමක් කර ඇත. යුක්රේනය තම වාසියට ගෙන රුසියාවට බාධා කිරීම ඇමරිකාවේ සැබෑ අරමුණකි. බටහිර රටවල් යුක්රේනය සම්පූර්ණයෙන් අත් හැරලා කියා මේ වන විට යුක්රේන ජනාධිපතිවරයාට අවබෝධ වී තිබේ. රුසියානු-යුක්රේන අර්බුදය නිරාකරණයට ඇති එකම විසඳුම සාම සාකච්ඡා හැරෙන්න වෙන කිසිවක් නොවේ..

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන