සිනමා ජාතික ප්‍රතිපත්තිය අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගැන්වේ
2022-02-25 19:05:24
Share with:

සිනමා ජාතික ප්‍රතිපත්තිය අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගැන්වේ_fororder_Mahinda Rajapaskha

රාජ්‍ය සිනමා උපදේශක මණ්ඩලය විසින් සම්පාදිත “සිනමා ජාතික ප්‍රතිපත්තිය” එම උපදේශක මණ්ඩලය විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අරලියගහ මන්දිරයේ දී පිළිගන්වන ලදි.

සිනමා ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීමේ මූලික අරමුණ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට නියාමන අධිකාරිය පිහිටුවීම බව රාජ්‍ය සිනමා උපදේශක මණ්ඩලයේ සභාපති ගාමිණී වේරගම මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවේ ප්‍රකාශ කළේය.

චිත්‍රපට කර්මාන්තය කර්මාන්තයක් ලෙස ශක්තිමත් කරමින් නිදහසේ වර්ධනය වීමට පරිසරය සැලසීම, පහසුකම් සැලසීම, ප්‍රමිතීන්, නිර්ණායක නිර්ණය කිරීම සහ ලාභාංශ සියලු පාර්ශව වෙත අගතියකින් තොරව බෙදී යාමට ඉඩහසර සැලසීම ඇතුළු අරමුණු දහයක් ඊට මූලික වශයෙන් ඇතුළත් කර ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන