ඇමරිකානු යුධ හා කාර්මික ව්‍යවසායන් දෙකකට එරෙහිව චීනයෙන් ප්‍රතිපියවර
2022-02-24 14:44:30
Share with:

ඇමරිකානු යුධ හා කාර්මික ව්‍යවසායන් දෙකකට එරෙහිව චීනයෙන් ප්‍රතිපියවර_fororder_0224

ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශය වෙත ආයුධ අලෙවි ක‍රන බවට කළ  ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්, තායිවාන ප්‍රදේශයට ආයුධ අලෙවිය හා දිගුකාලීනව සම්බන්ධ වී ඇති ඇමරිකානු යුධ හා කාර්මික ව්‍යවසායන් දෙකකට එරෙහිව  ප්‍රතිපියවර ගැනීමට චීනය තීරණය කර ඇත. රටේ ස්වෛරීභාවය සහ ආරක්ෂක අවශ්‍යතා ආරක්ෂා කිරීමට, චීනය පසුබට නොවේ.

චීනයේ විදේශ සම්බාධක-විරෝධී නීතියේ අදාළ විධිවිධානවලට අනුව, තායිවාන ප්‍රදේශයට ඇමරිකානු ආයුධ අලෙවියේ හා දිගුකාලීනව සම්බන්ධ වී ඇති Raytheon සමාගම සහ Lockheed Martin Space Systems සමාග‍මේ උල්ලංඝනය කිරීමේ ක්‍රියාවන්ට එරෙහිව ප්‍රතිපියවර ගැනීමට  චීනය තීරණය කර ඇත. චීනයේ ක්‍රියාවන් සාධාරණ හා නීත්‍යනුකූල වන අතර ඉන් ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ස්ථිර ලෙස ආරක්ෂා කිරීමට ඇති කැමැත්ත සහ අධිෂ්ඨානය පෙන්නුම් කෙරේ.

තායිවානය සැමවිටම චීනයේ භූමි ප්‍රදේශයෙන් වෙන් කළ නොහැකි කොටසක් වන අතර,  එකම චීනය යන මූලධර්මය ජාත්‍යන්තර ප්‍රජාව පිළිගත් සම්මුතිය සහ ජාත්‍යන්තර සම්මතයයි. ඇමරිකාව හා එහි යුධ හා කාර්මික ව්‍යවසායන් එකම චීනය යන මූලධර්මය අනුගමනය කළ යුතු අතර තායිවානයට ආයුධ අලෙවි කිරීම සහ තායිවානය සමඟ යුධ සබඳතා නැවැත්විය යුතුය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන