බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් උළෙලේ, හරිත ප්‍රතිඥාව චීනය විශිෂ්ට ලෙස ඉටුකරයි
2022-02-22 14:16:09
Share with:

බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් උළෙලේ, හරිත ප්‍රතිඥාව චීනය විශිෂ්ට ලෙස ඉටුකරයි_fororder_src=http___www.zgbgcmw.com_uploads_allimg_c2008_159DBc02XP-119236&refer=http___www.zgbgcmw

හරිත ඔලිම්පික් උළෙලක් මනාව පැවැත්වීමට චීනය සමත් වූ බව වාර්තා පවසනවා. 2022 බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් උළෙලේදී චීනය, ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමඟින් "ඔලිම්පික් උළෙල හරිත ක්‍රමවේද අනුව පැවැත්වීමේ" බැරෑරුම් පොරොන්දුව ඉටු කර ඇති බව එම වාර්තාවල සඳහන්. හරිත සංවර්ධනයට අනුගත වෙමින් සුන්දර චීනයක් ගොඩනැගීම සඳහා වූ චීනයේ දැඩි අධිෂ්ඨානය සහ නොපසුබට උත්සාහය ද එමගින් ලොවට ප්‍රදර්ශනය කර තිබෙනවා.

'හරිත ඔලිම්පික්' සංකල්පය හේතුවෙන්, බෙයිජිං ඔලිම්පික් උළෙලට ලැබෙන කීර්තිය ජගත් ප්‍රජාව විසින් මේ වන විට,  සම්පුර්ණයෙන්ම තහවුරු කර තිබෙනවා. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ, බෙයිජිං ශීත ඔලිම්පික් පිළිබඳ කමිටු සභාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් උළෙල 'හරිත ක්‍රමවේදයන් ඉහළින්ම අනුගමනය කළ' ඔලිම්පික් උළෙල විය හැකි බවයි.

එය, පහසු අත්පත් කරගැනීමක් නොවෙයි. එය, බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් සංවිධායක කමිටුව සහ සත්කාරක නාගරික රජයේ ඒකාබද්ධ ප්‍රයත්න මගින්, අඩු කාබන් ව්‍යාපෘති හා අඩු කාබන් තාක්‍ෂණයන් සම්පූර්ණයෙන් භාවිත කරමින්, අඩු කාබන් කළමනාකරණ පියවර අනුගමනය කරගත් ජයග්‍රහණයක්. එමගින් ඔලිම්පික් ක්‍රීඩා උළෙලකදී ප්‍රථම වරට කාබන් මධ්‍යස්ථභාවයක් ඉටු කර ගැනීමට හැකිවීම කැපීපෙනෙනවා. හරිත ක්‍රීඩාංගණ ගොඩනැගීම සඳහා 2008 බෙයිජිං ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ක්‍රීඩා මධ්‍යස්ථාන සහ  පැවති අනෙකුත් පහසුකම්, හැකිතරම් යළි ප්‍රයෝජනයට ගැනුණා.  එපමණක් නොව, ක්‍රීඩාංගණ අලුතින් සැලසුම් කිරීමේදීත්, ඉහළ ප්‍රමිතියෙන් යුතුව, පරිසර හිතකාමී හරිත ක්‍රමවේද අනුව ඉදිකර තිබෙනවා. මෙවර ඔලිම්පික් උළෙල සඳහා භාවිත සමස්ත වාහනවලින් 84.9% ක්ම, බලශක්ති පිරිමැසීමේ සහ පිරිසිදු බලශක්ති වාහන වීම සුවිශේෂ කරුණක්. එය, ශීත ඍතු ඔලිම්පික් උළෙල ඉතිහාසයේ ඉහළම අගය ලෙස සැලකෙනවා. තම පොරොන්දුව ඉටුකරමින්, හරිත ඔලිම්පික් උළෙලක් පැවැත්වීම පිළිබඳ චීනයේ ප්‍රයත්නය විශිෂ්ට ලෙස ජයගෙන ඇති බව  සඳහන් කෙරෙනවා.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන