සාකච්ඡාවෙන්ම පමණක් විසඳා ගත යුතු යුක්රේන අර්බුදය
2022-02-22 20:16:20
Share with:

යුක්රේනයේ නැගෙනහිර ප්‍රදේශයේ ඊයේ (21) මතු වූ නව තත්ත්වය ලෝකයේ දැඩි අවධානයට ලක් ව තිබේ. රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පූටින් මහතා ඊයේ ප්‍රකාශ කළේ නැගෙනහිර යුක්රේනයේ පිහිටි ඩොනෙට්ස්ක් ජනරජය සහ ලුගාන්ස්ක් ජනරජය පිළිගන්නා බවයි. රුසියාවට මූල්‍යමය සම්බාධක පනවන බවට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කළේ ඉන් අනතුරුවයි. ඇතැම් බටහිර රටවල් ඇමරිකාව අනුව කටයුතු කරන බව පවසා තිබේ.

යුක්රේන ප්‍රශ්නය අද ඊයේ මතුවූ ප්‍රශ්නයක් නොවේ. සීතල යුද්ධයෙන් පසු නේටෝ සංවිධානය සිය බලය අඛණ්ඩව නැගෙනහිර යුරෝපය දක්වා ව්‍යාප්ත කිරීමට උත්සාහ දරමින් සිටී. යුක්රේනය එම සංවිධානයට එක් වුවහොත් රුසියාවේ උපාය මාර්ගික ආරක්ෂාවට බරපතල තර්ජනයක් එල්ල වන බැවින්  නැගෙනහිර යුරෝපය දක්වා බලය ව්‍යාප්ත නොකරන ලෙසට රුසියාව නේටෝ සංවිධානයෙන් යළි යළිත් ඉල්ලා සිටී. එහෙත් සිය ස්වාධිපත්‍යය හා ජාතිකාරක්ෂාව සලකා නේටෝ සංවිධානයට එක් වීමෙන් රැකවරණය ලබා ගැනීමට යුක්රේනය දැඩි අපේක්ෂාවෙන් පසු වේ.

යුක්රේන ප්‍රශ්නය තව තවත් උග්‍ර අතට පත්වීමට ඇමරිකාව ප්‍රධාන වශයෙන් වග කියන බව කිව යුතු ය. රුසියාව යුක්රේනය ආක්‍රමණය කරන බව මෑතදී වොෂිංටනය නැවත නැවතත් ප්‍රකාශ කළේය. එම කට කතා යුරෝපයේ දේශපාලන තත්ත්වය වඩාත් ව්‍යාකූල කර ඇති අතර ආරක්ෂාව පිළිබඳ රුසියාවේ අවශ්‍යතා මඟ හරවා තිබේ.

යුක්රේනයේ පවතින නොසන්සුන්තාව පිළිබඳව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසි රැස්වීමක් පැවැත්වීය.එහි ස්ථාවර සාමාජික රටක් වශයෙන් චීනය කියා සිටියේ යුක්රේන ප්‍රශ්නයට අදාළ සියලු පාර්ශ්වයන් සංවර ආකල්පයකින් යුතුව ප්‍රශ්නය විසඳා ගත යුතු බවයි. යුක්රේන ප්‍රශ්නය විසඳා ගත යුත්තේ යුදමය වශයෙන් නොව සාකච්ඡා මාර්ගයෙන් බව චීනය එහිදී අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන