අසම සම ඔලිම්පික් උළෙලක් සමගින් චීනය ලොවට පෙන්වූ සමගියේ හා සාමයේ වටිනාකම
2022-02-21 21:42:18
Share with:

අසම සම ඔලිම්පික් උළෙලක් සමගින් චීනය ලොවට පෙන්වූ සමගියේ හා සාමයේ වටිනාකම_fororder_微信图片_20220221214156

“ මෙය ඇත්තෙන් ම අසමසම ශීත සෘතු ඔලිම්පික් උළෙලක් ” යනුවෙන්  ඊයේ රාත්‍රි (20) ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති Thomas Bach මහතා බෙයිජිං ශීත සෘතු ඔලිම්පික් උළෙලේ සමාප්ති උත්සවයට එක් වෙමින් ඉහළින් අගය කළේ ය.

චීනය ලෝකයට පොරොන්දු වූ ආකාරයටම සරල,  ආරක්ෂිත හා අසිරිමත් ඔලිම්පික් උළෙලක් සංවිධාන කිරීමට සමත් වී තිබේ. ක්‍රීඩා උළෙල පැවති දින 17 තුළ ක්‍රීඩා නියෝජිත කණ්ඩායම් 91ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2800කට වැඩි පිරිසක් සිය දස්කම් පාමින් විශිෂ්ට ලෝක වාර්තා රැසක් නිර්මාණය කර ඇත. ක්‍රීඩා පිටියේ පමණක් නොව ඔවුන් නැවතී සිටි හෝටල්වලදීත් ඔවුන් සිය ක්‍රියාවලින් වඩාත් වේගයෙන් වඩාත් ඉහළින් වඩාත් ශක්තිමත් ව සහ වඩාත් සමගියෙන් යන ඔලිම්පික් පාඨය මැනවින් ප්‍රදර්ශනය කර තිබේ. මේ අතර, ශීත සෘතු ඔලිම්පික් උළෙල සංවිධාන කිරීම මගින් රටේ කෝටි 30ක ජනතාවක් අයිස් හා හිම ක්‍රීඩා සඳහා යොමු කරවීමේ ඉලක්කය සපුරාලීමට චීනයට හැකි වී ඇත. එමගින් ගෝලීය අයිස් හා හිම ක්‍රීඩා පිළිබඳ නව යුගයක් ආරම්භ වී තිබේ. 2025 වසර වන විට චීනයේ ශීත සෘතු ක්‍රීඩාවන්හි වෙළඳපොල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 150ක් දක්වා වර්ධනය වනු ඇතැයි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඇස්තමේන්තු කර ඇත. මෙය ගෝලීය ශීත සෘතු ක්‍රීඩා වෙනුවෙන් විශාල ප්‍රවර්ධන රුකුලක් ලබා දෙනු ඇත. බෙයිජිං ශීත සෘතු ඔලිම්පික් උළෙල පැවති කාලයේ කොවිඩ් වසංගත පාලනය ඉතා සාර්ථක ව සිදු කෙරිණ.  කොවිඩ් වසංගතය තවමත් පැතිරෙන පසුබිම යටතේ චීනය මෙවන් දැවැන්ත ක්‍රීඩා උළෙලක් සුරක්ෂිතව සංවිධාන කිරීම  විශිෂ්ට ජයග්‍රහණයකි.

ඉතා සංකීර්ණ ජාත්‍යන්තර තත්ත්වයන් පවතින සහ කොවිඩ් වසංගතය වැනි විශාල අභියෝග පවතින වත්මන් කාලයේ චීනය සාර්ථක ශීත සෘතු ඔලිම්පික් උළෙලක් පැවැත්වීම තුළින් සමගියේ හා සාමයේ වටිනාකම ලෝකයට තවත් පසක් කර තිබේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන