චීනය වසර මුලදීම විදේශ ආයෝජන දිනා ගනී
2022-02-17 14:26:48
Share with:

චීනය වසර මුලදීම විදේශ ආයෝජන දිනා ගනී_fororder_b21c8701a18b87d68f8c8e1a7f9acd311e30fd01

පසුගිය ජනවාරි මාසයේ, බැංකු, සුරැකුම් හා රක්ෂණ ක්ෂේත්‍ර හැර චීනය ප්‍රායෝගිකව යොදා ගත් විදේශ ප්‍රාග්ධනයන්හි වටිනාකම ඇ.ඩො. බිලියන 15.84ක් වන අතර එය පසුගිය වසරේ එම කාලයට වඩා සියයට 17.6ක වැඩිවීමකි.

විදේශ ආයෝජකයින් චීනයේ ආයෝජන පුළුල් කර ඇත්තේ, චීන වෙළඳපොලෙන් සැලකිය යුතු ප්‍රතිලාභ ඔවුන්ට ගෙන දිය හැකි නිසාය. පසුගිය 11 වනදා ෂැන්හයි නාගරික රජය, වසර 2022 විදේශ ආයෝජන ව්‍යාපෘති පිළිබඳ ගිවිසුම්වලට අත්සන් කිරීමේ උළෙලක් පැවැත්වීය. වෛද්‍ය සේවාව, විද්‍යුත් තොරතුරු, මෝටර් රථ, විලාසිතා භාණ්ඩ ඇතුළු ක්ෂේත්‍ර පිළිබඳ විදේශ ආයෝජනය සහිත ව්‍යාපෘති 53ක් එහිදී අනුමත කෙරිණ. ආයෝජන වටිනාකම ඇ.ඩො. කෝටි 544කි. ඉන්  ව්‍යාපෘති 21ක ආයෝජන වටිනාකම ඇ.ඩො. කෝටි 10කට අධිකය. වසංගතය තත්ත්වය හා ගෝලීය ඍජු ආයෝජනය අඛණ්ඩව හැකිළීම හමුවේ, චීනයට පෙරට වඩාත් වැඩි විදේශ ආයෝජන ලබා ගැනීමට හැකිවීම, චීනයේ වසංගත පාලන ජයග්‍රහණයේ පිළිබිඹුවක් වන අතර චීනයේ සුවිසල් වෙළෙඳපොලේ ආකර්ෂණය ද විදහා පෑමකි.

චීන වෙළඳපොළ අඛණ්ඩව පෙන්නුම් කරන වර්ධන හැකියාව සහ චීන ආයෝජන පරිසරය අඛණ්ඩව යහපත්වීම,  විදේශ ව්‍යාපාර චීනයට ඇල්ම දැක්වීමේ ප්‍රධානම සාධක දෙක ලෙස පෙන්වා දිය හැකිය. සැබවින්ම මෙවන් හිතකර සාධක තවදුරටත් එක්රැස්‍ වෙමින් පවතී. පසුගිය ජනවාරි මස 1දා ‘කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරීත්ව’ (RCEP) ගිවිසුම ක්‍රියාත්මක විය. ඉන් කලාපීය ආර්ථික සහයෝගතා ක්ෂේත්‍රයෙන් චීනයට ආයෝජනය කිරීමේ අවස්ථා රැසක් බිහි වනු ඒකාන්තය. අසීරුතාවෙන් පුනරුත්ථාපනය වෙමින් පවතින ගෝලීය ආර්ථිකයට මෙය අතිශයෙන් වටිනා කරුණකි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන