ඔලිම්පික් ඉතිහාසයේ වර්ණවත් සලකුණක් තබන බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් උළෙල
2022-02-17 17:21:19
Share with:

බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් උළෙලේ නැරඹුම් අනුපාත ශ්‍රේණිගත කිරීම් බොහෝ දේ සනාථ කරයි!

"බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් යනු වැඩිපුරම නරඹන ලද ශීත ඍතු ඔලිම්පික්!" මැයෙන් ඊයේ (16 ) ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සහ බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් සංවිධායක කමිටුව නිකුත් කළ පුවත ලොව පුරා දැඩි කතාබහක් ඇති කළේය. මීට පෙර ඔලිම්පික් විකාශ සේවා සමාගම ප්‍රකාශ කළේ බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් උළෙලට ගෝලීය සමාජ මාධ්‍ය ඔස්සේ බිලියන 2 කට වැඩි පිරිසක් ආකර්ෂණය වී ඇති බවයි.

බෙයිජිං ශීත ඔලිම්පික් උළෙලේ නැරඹීමේ අනුපාත ශ්‍රේණිගත කිරීම් බොහෝ දේ සනාථ කර ඇත! මෙය, බෙයිජිං ශීත ඔලිම්පික් උළෙලේ නැරඹීමේ අනුපාතය ඉතා පහළ අගයක් ගනු ඇති බවට ඇතැම් බටහිර මාධ්‍ය කළ පුරෝකථන සම්පූර්ණයෙන්ම බිඳ දැමීමකි. එපමණක් නොව, අයිස් සහ හිම ක්‍රීඩා මගින් ගෙන එන උණුසුම් සතුට සහ මිත්‍රත්වය සමස්ත ලෝ වැසි ජනතාව බෙදාගන්නා ආකාරය ද  එයින් මනාව ප්‍රකාශ වෙයි. බෙයිජිං ශීත ඔලිම්පික් උළෙලෙන් පෙන්නුම් කෙරුණු එකමුතුකම, සහයෝගිතාව සහ බලාපොරොත්තුව ලොව පුරා රටවලට විශ්වාසය සහ ශක්තිය සපයා තිබේ.

ගිම්හාන ඔලිම්පික් උළෙල හා සසඳන විට, ශීත ඍතු ඔලිම්පික් උළෙල කෙරෙහි පවතින ගෝලීය අවධානය සෑම විටම අඩුය. එහෙත්, බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් උළෙල ගෝලීය ප්‍රේක්ෂකයින්ගේ උද්යෝගය දැල්වීමට බලපෑ එක් වැදගත් හේතුවක් නම්, එය "වඩාත් වේගවත්, වඩාත් උසස්, වඩාත් ශක්තිමත් සහ වඩාත් එක්සත්" යන ඔලිම්පික් ආත්මය කැටි කළ තේමාවෙන්, සමස්ත මානව වර්ගයාගේ පොදු අපේක්ෂා පිළිබිඹු කිරීමයි. එමෙන්ම  දුෂ්කර කාලයක එය, ලෝකයට චමත්කාරයේ සහ ශක්තියේ  වින්දනය ගෙනඑමින් සියලු මනුෂ්‍ය වර්ගයාගේ එක්සත්කමේ ශක්තිය සම්පිණ්ඩනය  කළේය.

බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් උළෙල චීනය පිළිබඳ වටහාගැනීමට ලෝකයට තවත් කවුළුවක් විවෘත කර තිබේ. බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල, ඉහළ ප්‍රේක්ෂක ශ්‍රේණිගත කිරීමත් සමඟින්, වසර 100 ක ඔලිම්පික් ඉතිහාසය තුළ ප්‍රබල, වර්ණවත් සලකුණක් සටහන් කරනු නොඅනුමානය.

ඔලිම්පික් ඉතිහාසයේ වර්ණවත් සලකුණක් තබන බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් උළෙල_fororder_QQ图片20220217172054

 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන