චීන වෙළඳපොල ආකර්ෂණය කර ගනිමින් සිටින සිලෝන් තේ
2022-02-16 08:58:58
Share with:

චීන වෙළඳපොල ආකර්ෂණය කර ගනිමින් සිටින සිලෝන් තේ_fororder_b32c0449729ead04ac8c8e11504e9555

වසර 2021 ශ්‍රී ලංකාවේ තේ අපනයනය, කිලෝග්‍රෑම් මිලියන 286.02ක් වූ අතර එමගින් රටට ඇ.ඩො. බිලියන 1.3ක විදේශ විනිමයක් උපයා ගැනීමට හැකිවුණා. ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය මෙවන් ජයග්‍රහණයක් දිනා ගෙන ඇත්තේ අසීරුතාවන් රැසකට මුහුණ පා සිටින අතරතුරයි. වසංගතයෙන් ඇති වූ විවිධ දෙස් විදෙස් අපහසුතා  ගැන යළි යළිත් සිහිපත් කිරීම අනවශ්‍යයි. නිෂ්පාදන ප්‍රමාණය අඛණ්ඩව පහල යමින් පවතින අතර, නිෂ්පාදන පිරිවැය ඉහල ගොස් තිබීමත් මඟහැරිය නොහැකි සාධකයක්. දැනට ශ්‍රී ලංකාව ලෝකයේ වැඩිම පිරිවැයෙන් තේ නිෂ්පාදනය කරන රටවල්වලින් එකක් බව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති ජයම්පති මොල්ලිගොඩ මහතා පෙන්වා දී තිබෙනවා.

වසර 2021 ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ විවිධ දත්ත දෙස බැලීමේදී තවත් සැලකිය යුතු කාරණාවක් සොයා ගත හැකියි. එනම්, ශ්‍රී ලංකාවේ තේ සඳහා චීනය තුළ මනා වෙළඳපොලක් ගොඩනැගෙමින් තිබීමය.චීනයට සිදු කරන ශ්‍රී ලංකාවේ තේ අපනයන ප්‍රමාණය අඛණ්ඩ ලෙස ඉහල යමින් පවතිනවා. ලංකාවේ ප්‍රධානම තේ ගැණුම්කරු රටවල නාමාවලියේ චීනය මෙවර හය වැනි ස්ථානය පසු වෙනවා. මෙය ශ්‍රී ලංකාවට හොඳ ලකුණක් කියා කිව යුතුයි. ඊට හේතුවක් වශයෙන්, චීනයේ ස්වයං තේ නිෂ්පාදන හැකියාව ප්‍රමාණවත් වුවද එන්න එන්නම වැඩි ලංකා තේ මිලට ගැනීම තුළින්, චීන පරිභෝගිකයින් ‘සිලෝන් තේ’වලට දක්වන ප්‍රියතාව පිළිබිඹු විය හැකි වීමයි. චීනය යනු කෝටි 140ක ජනගහනයක් සහිත රටක්. සිලෝන් තේ අපනයනකරුවන්ට  චීන වෙළෙඳපොල කොපමණ ආකර්ෂණීය ද යන්න අමුතුවෙන් පැවසිය යුතු නැහැ.

සිලෝන් තේ චීනයේ ජනප්‍රියවීමේ එක් ප්‍රධානම හේතුවක් වන්නේ  චීනයේ හොංකොං ප්‍රදේශයෙන් මුළු රටපුරා හඳුන්වා දුන් කිරි තේ එන්න එන්න ජනප්‍රිය වීමයි. අනර්ඝ සිලෝන් තේ, කිරි තේ රසට කදිමට ගැලපෙනවා.

එහෙත් ගෝලීය වෙළඳපොල මෙන්, චීනයේ තේ නිෂ්පාදිතවලට යොදා ගැනෙන විදේශ තේ අතරින්, කෙන්යා තේ හා ඉන්දීය තේ, සිලෝන් තේවල ප්‍රධානම තරගකරුවන් බව පෙනෙනවා. කෙසේ වුවද, එම රටවල තේ මිල අඩුවීම, ඔවුන්ට හිමි එකම වාසිය බවට පත්වීමේදී, නැවුම් බව, පිරිසිදු බව හා සුරක්ෂිත බවින් නම් දිනා ඇති සිලෝන් තේවලට ශක්තිමත් වර්ධන හැකියාවක් සතු බව පැහැදිලියි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන