ජීවිතය විඳින “වියපත් කොල්ලෝ”
2022-02-15 08:52:33
Share with:

ජීවිතය විඳින “වියපත් කොල්ලෝ”_fororder_src=http___5b0988e595225.cdn.sohucs.com_images_20190122_2595a6c8e096498d919bdd25595ca37d.jpeg&refer=http___5b0988e595225.cdn.sohucs

ඊසානදිග චීනයේ ෂෙන්යාං නගරයේ, සීත කාලයේ දී පවතින උෂ්ණත්වය, සෙල්සියස් අංශක සෘණ 20, 30 වැනි අගයක පවතිනවා. එහෙත් එය මිනිසුන් සීත කාලීන ක්‍රීඩාවන්ට දක්වන උනන්දුවට කිසිදු බාධාවක් නෙමෙයි.

ෂෙන්යාං නගරයේ කම්කරු උද්‍යානයේ විශේෂ අයිස් හොකී ක්‍රීඩා කණඩායමක් සිටිනවා. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ගෙන් සමන්විත මෙය හැඳින්වෙන්නේ "වියපත් කොල්ලෝ" අයිස් හොකී කණ්ඩායම නමින්. එහි සාමාජික ක්‍රීඩකයන්ගේ සාමාන්‍ය වයස අවුරුදු 60 ඉක්මවන අතර, වැඩිමහලු ම ක්‍රීඩකයාගේ වයස අවුරුදු 71 ක්.  අඩුම වයසින් යුතු ක්‍රීඩකයාගේ වයස අවුරුදු 57යි. ශීත ඍතුවක උදාවත් සමඟ, ඔවුන් සෑමදාම පාහේ උද්‍යානයට රැස්වී, හොකී ලීය අල්ලාගෙන ක්‍රීඩා තරඟවලට එක්වනවා.

2022 ශීත ඍතු ඔලිම්පික් උළෙල සඳහා වූ සත්කාරකත්වය, 2015 වසරේ දී බෙයිජිං නරගයට හිමිවීමෙන් පසු, අයිස් සහ හිම ක්‍රීඩාව කෙරෙහි දක්වන උද්යෝගය ජනතාව අතර යළිත් පණගැන්වී තිබෙනවා.

Wang Daguo, Xie Kun, Zhao Gang සහ Liu Ning යන ක්‍රීඩකයන් "වියපත් කොල්ලෝ" අයිස් හොකී කණ්ඩායමේ ආරම්භකයින් ලෙස සැලකෙනවා. තරුණ වියේදී, ෂෙන්යාං නගරයේ ප්‍රධාන අයිස් ක්‍රීඩාංගණවලදී ඔවුන්ගේ ක්‍රීඩා විලාස නිතරම දක්නට ලැබුණා. ෂෙන්යාං නගරයේ ශීත කාලය ඔවුන්ගේ සිත්වල සුන්දරම මතකයයි.

දැන් විශ්‍රාම ලබා සිටින ඔවුන් නැවත අයිස් ක්‍රීඩා පුහුණුවීම් සහ තරඟ ඉසව්වලට සම්බන්ධ වී සිටිනවා.

Wang Daguoගේ වයස අවුරුදු 71ක්. ඔහුට වසර 60 කට වැඩි අයිස් මත ක්‍රීඩා පිළිබඳ අත්දැකීම් සතුයි. ජාතික අයිස් හොකී විනිසුරුවරයෙකු ලෙසට සේවය කළ Xie Kun, ලෝක ආධුනික අයිස් හොකී තරගාවලියට සහභාගි වීම සඳහා දකුණු කොරියාවට යාමටත් අවස්ථාව හිමිකරගෙන තිබුණා.

මුල් කාලයේ මේ කම්කරු උද්‍යානයට පැමිණ, අයිස් හොකී ක්‍රීඩා කිරීමට සම්බන්ධ වූ පිරිසේ සිටියේ, උපරිම පස්දෙනෙකු පමණයි. පසුව බොහෝ අය මෙහි රැස්වී, දැනට දහයකට වැඩි පිරිසක් ඔවුන්ගේ කණ්ඩායමේ සිටිනවා. සමහර විට, ඒ සංඛ්‍යාව විස්සක් තිහක් වුව විය හැකියි.

Old Boys ක්‍රීඩක කණ්ඩායම පිළිබඳ කතාවෙන් අපට පැහැදිලි වන ජීවන අරුත වන්නේ, ප්‍රීතිය, සතුට වගේ ම ජීවිතයේ රසය අත්විඳීමට  කිසිදා ප්‍රමාද නොමැති බවයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන