බ්‍රිතාන්‍යය Malvinas සමූහ දූපත් ආජන්ටිනාවට ආපසු දිය යුතුයි
2022-02-13 15:22:06
Share with:

බ්‍රිතාන්‍යය Malvinas සමූහ දූපත් ආජන්ටිනාවට ආපසු දිය යුතුයි_fororder_3248d795f1d16fc029cabfcf38259a47

මෑතකදී ආජන්ටිනා ජනාධිපතිවරයා චීනයේ කළ සංචාරය අතරතුර දෙරට අංගසම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය ගැඹුරු කිරීම පිළිබඳ ඒකාබද්ධ නිවේදනය නිකුත් කළේය. ආජන්ටිනාවට Malvinas සමූහ දූපත් කෙරේ පූර්ණ ස්වාධිපත්‍යය ක්‍රියාත්මක කිරීමට චීනය සහාය වන බව එහිදී ප්‍රකාශ කර ඇත.

චීනයේ ස්ථාවරය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුගත වීමක් වන අතර යටත්විජිවාදයට විරුද්ධ වෙමින් ජගත් යුක්තිය ආරක්ෂා කිරීම පිළිබඳ වගකීම ඉෂ්ට කිරීමකි.

එහෙත් ජගත් ප්‍රජාවේ පුළුල් පැසසුමට පත්වූ චීනයේ එම ස්ථාවරය බ්‍රිතාන්‍යයේ ඇතැම් අයට නොඉවසිල්ලක් ගෙන දී තිබේ.  එරට මහජන මන්ත්‍රී මණ්ඩලය පසුගියදා(10) නීතිමය බලය රහිත යෝජනාවක් අනුමත කරමින් බ්‍රිතාන්‍යය චීනයේ තායිවාන ප්‍රදේශය සමග සම්බන්ධතාව ඉහල නංවාලීම උද්දීපනය කර ඇත.

Malvinas සමූහ දූපත් ගැටළුව හා චීනයේ තායිවාන ප්‍රදේශයේ ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම  වෙනස් තත්ත්වයකි. Malvinas සමූහ දූපත් ප්‍රශ්නයේ මූලික හේතුව, යටත්විජිත ඉතිහාසයයි. වසර 1816 ආජන්ටිනාව ස්පා‍ඤ්ඤයේ යටත්විජිත පාලනයෙන් නිදහස් වී Malvinas සමූහ දූපත්වල ස්වාධිපත්‍යය ද උරුම කර ගත්තේය. වසර 1833 බ්‍රිතාන්‍යය ප්‍රචණ්ඩත්වයෙන් එම දූපත් නතු කර ගත්තේය. අදාළ ගැටළුව, ‘නිර්යටත්විජිතකරණය ගැටළුවක්’ ලෙස වසර 1965හේ  එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනය විසින් නියම කර ඇත.

Malvinas සමූහ දූපත් ගැටළුව හට ගෙන තිබුණේ ආජන්ටිනාව හා බ්‍රිතාන්‍යය යන ස්වාධිපත්‍යය හිමි රටවල් දෙකක් අතර බැවින් එය අන්තර් ජාතික ප්‍රශ්නයකි. තායිවාන ප්‍රදේශයට අදාළ ප්‍රශ්නය නම්, චීනයේ අභ්‍යන්තර කටයුත්තකි. එය  Malvinas සමූහ දූපත් ගැටළුව හා සම්පූරණයෙන්ම වෙනස්ය. ලෝකයේ  ඇත්තේ එකම චීනයකි. තායිවාන ප්‍රදේශය චීනයෙන් වෙන් කළ නොහැකි කොටසක් වන අතර එය ජාත්‍යන්තර වශයෙන් පොදුවේ පිළි ගැනෙන සම්මතයකි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන