යුක්රේන ප්‍රශ්නයේ දී ඇමරිකාවේ සැබෑ අරමුණු කවරේ ද?
2022-02-13 20:00:45
Share with:

යුක්රේන ප්‍රශ්නයේ දී ඇමරිකාවේ සැබෑ අරමුණු කවරේ ද?_fororder_8e440c51afb6b90d9d36e4b17dd556d8

යුක්‍රේන තත්ත්වය කේන්ද්‍ර කර ගනිමින් මෑතකදී ඇමරිකාව හා රුසියාව අතර අඛණ්ඩව පොර බැදීම් උග්‍ර වෙමින් පවතී. එවන් පසුබිමක අදාළ කලාපයේ නොමැති ඇමරිකාව, දිගින් දිගටම යුද්ධයක් හට ගැනීමේ වාතාවරණයක් හුවා දක්වා ඇත.

ඇමරිකාව යුධ සංත්‍රාසයන් පැතිරවීමෙහි උනන්දුවෙන් නිරත වුවද, රුසියානු යුක්‍රේන අර්බුදයෙන් යුද්ධයක් ඇති වීමේ අවදානම මඳ බවත් යුද්ධයකින් පාලනය කළ නොහැකි අවදානමක් ඇති වන්නේ යැයි විවිධ පාර්ශ්වයන්ට පැහැදිලි බවත් පොදු ජගත් අදහසක් වී තිබේ.

එවන් තත්ත්වයක් තුළ, රුසියාව, ‘යුක්‍රේනය ආක්‍රමණය කිරීම’ සඳහා ඇමරිකාව උද්දීපනය කරමින් සිටීමේ හේතුව කුමක් ද? පළමුවෙන්ම, රුසියාවේ ‘තර්ජනය’ හුවා දැක්වීම මගින් යුරෝපය තුළ උපායමාර්ගික නොසන්සුන්භාවයක් ඇති කර නැගෙනහිර යුරෝපා රටවල් හා පැරණි සෝවියට් සංගමයට අයත් වූ රටවල් තමාට අවනත ලෙස හසුරුවා ගැනීමේ ඇමරිකා අභිප්‍රායයි. දෙවනුව, ලෝක වාසීන් දන්නා, යුධ උසිගැන්වීමෙන් හෝ සතුරුකම් ඇති කිරීමෙන් වාසී නෙලාගැනීමේ , ඇමරිකාවේ පැරණි උපාය මාර්ගය ක්‍රියාවට නැංවීමය.

ඇමරිකාව යුක්‍රේන ප්‍රශ්නය සම්බන්ධයෙන් ගැටළු තත්ත්වය උග්‍ර කරවීමට උත්සාහ කර ඇත්තේ රුසියාවට එරෙහි වන අතරම ඉන් ඇමරිකාවේ යුරෝපීය සන්ධාන රටවල් බියට පත්කර පාඩමක් ඉගැන්වීම සඳහාය. මෑතකදී ජර්මනියේ හා ප්‍රංශයේ  නායකයින් යුක්‍රේන තත්ත්වය සමනය කිරීමට රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාකාරකම් බහුලව සිදු කර ඇත්තේ මේ හේතුවෙනි. යුරෝපා භූමිය මත යුද්ධයක් හට ගතහොත්, ඇමරිකාවට ඈතින් සිට නිහඬව බලා සිටිනු ඇති අතර අවාසනාව ගෙන දෙන්නේ යුරෝපයට පමණක් බවට ඔවුහූ පැහැදිලිවම තේරුම් ගෙන සිටිති...

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන