ඇමරිකාව ඇෆ්ගනිස්ථාන ජනතාවට අත්‍යවශ්‍යව ඇති මුදල් ගිල දැමීම ඉතා පිළිකුල් සහගතය
2022-02-13 17:26:48
Share with:

图片默认标题_fororder_rBABCmIIhSeAdGSZAAAAAAAAAAA438.1000x563

ඇමරිකා ජනාධිපති ජොන් බයිඩන් මහතා පසුගිය 11වැනි දා ඇමරිකාවේ පවතින තහනම් කරන ලද  ඇෆ්ගනිස්ථාන මහ බැංකු වත්කම් පිළිබඳ විධායක නියෝගයකට  අත්සන් කළේ ය. ඇ.ඩො. බිලියන 7කින් පමණ යුක්ත මෙම වත්කම ක්‍රියාකාරකම් 2ක් සඳහා යොදා ගැනීමට එමගින් සැළසුම් කර තිබේ. ඉන් අඩක් ‘9·11’ සිද්ධියෙන් මිය ගිය ජනතාවට වන්දි ගෙවීම වෙනුවෙන් භාවිත කෙරෙනු ඇත. ඉතිරි  ‍කොටස තලේබාන් රජයේ සැලකිල්ල නොතකා එරට ජනතාවට ඊනියා ‘ සහනාධාර ’ ලෙසට  ලබා දීමට සැළසුම් කෙරේ.

මෙය ගෝලීය ව්‍යාකූලත්වයට ලක් වී ඇත. ඇෆ්ගනිස්ථාන ජනතාවට අතිශය වැදගත් වත්කම් ඇමරිකා රජය විසින් ප්‍රසිද්ධියෙන් පැහැර ගෙන තිබේ. එරට අධිපතිවාදය හා වංචනික ස්වභාවය එමගින් පෙන්නුම් කෙරේ.

පසුගිය වසරේ අගෝස්තු මාසයේ මධ්‍යම භාගයේ, තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ අගනුවර වන කාබුල් අත්පත් කර ගැනීමෙන් පසු, විදේශ රටවල ඇෆ්ගනිස්ථාන මහා බැංකුව සතු වත්කම් ඇමරිකා රජය විසින් තහනම් කර තිබේ. ඇමරිකා ජනාධිපති ජොන් බයිඩන් ගේ නියෝගයේ සඳහන් මෙම බිලියන 7 ක වත්කම් ඊට ඇතුළත්ය. මෙය ඇෆ්ගනිස්ථාන ජනතාව හිමි විය යුතු බව සත්‍යයකි. ඕනෑ ම ආකාරයකින් එය භාවිත කිරීම ඇමරිකාවට කිසිදු අයිතියක් නොමැත.

ඇමරිකා රජය පිළිකුල් සහගතව මෙවැනි ආකාරයේ පියවරක් ‍ගෙන ඇත්තේ කවර හේතු නිසා ද ? ඇමරිකාවට නව කොරොනා වසංගතය ඵලදායී ව පාලනය කිරීමට නොහැකි වී ඇත. උද්ධමනය ඉහළ මට්ටමක පවතී. බයිඩන් රජයට සහාය දක්වන අනුපාතය කැපී පෙනෙන ලෙස පහත වැටී තිබේ. ණය ඉහළ මට්ටමක පවතී...

ගෝලීය වශයෙන් එකම සුපිරි බලවත් රට ලෙසට හඳුන්වා ගන්නා ඇමරිකාව ඇෆ්ගනිස්ථාන ජනතාවට අත්‍යවශ්‍යව ඇති මුදල් ගිල දැමීම ඉතා පිළිකුල් සහගතය. යුක්තිය හා සාධාරණත්වය පතන පිරිස් විවිධාකාරයෙන් මෙවැනි හැසිරීම හෙළා දකිමින් මානව හිමිකම් සැබෑ ලෙස ආරක්ෂා කරමින් ඇෆ්ගනිස්ථාන ජනතාවට ප්‍රායෝගික ලෙස සහාය දැක්විය යුතු බව ඇතැම් පාර්ශ්ව අවධාරණය කරති.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන