ඇමරිකා තරගකාරීත්ව පනත ඉදිරියට මෙහෙයවීම වහාම නතර කළ යුතු බව චීනය කියයි
2022-02-11 10:29:04
Share with:

ඇමරිකා තරගකාරීත්ව පනත ඉදිරියට මෙහෙයවීම වහාම නතර කළ යුතු බව චීනය කියයි_fororder_rBABDGIFEE-AHjNPAAAAAAAAAAA020.1000x563

ඇමරිකා කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ඊනියා ‘ 2022 වසරේ ඇමරිකා තරගකාරීත්ව පනත ’ පසුගිය දා සම්මත කළේ ය. නිෂ්පාදනය, නවෝත්පාදනය හා ආර්ථික ශක්‍යතාව යන ක්ෂේත්‍ර වල ඇමරිකාව පෙරමුණ ගැනීම සහතික කළ යුතු බව එම පනතේ සඳහන් වෙයි. කෙසේ වෙතත්, පනතේ සඳහන් වන පරිදි චීනය හා සම්බන්ධ කරුණු රැසක් කණස්සල්ලට ලක් ව ඇත. චීනයේ සංවර්ධන මාර්ග, දේශීය හා විදේශීය ප්‍රතිපත්ති අපකීර්තියට ලක් කිරීම, චීනයේ තායිවාන ප්‍රදේශය, Xinjiang උයිගුර් ස්වායත්තය, හොංකොං විශේෂ පරිපාලන කලාපය, ටිබෙට් ස්වායත්තය හුවාදක්වමින් චීනයේ අභ්‍යන්තර කටයුතු වලට අනිසි බලපෑම් එල්ල කිරීම මගින්, ඇමරිකාවේ සීතල යුද්ධ හා ශුන්‍ය එකතු සංකල්ප විදහා දක්වා ඇත. එම පනත අධිපතිවාදී පනතක් බව කිව හැකිය.

චීනයේ සංවර්ධන අරමුණ යනු චීන ජනතාව වඩාත් සුන්දර ජීවිතය ගත කරවීම මිස, ඇමරිකාවට ආදේශ කිරීමේ උත්සාහයක නොවේ.

ඇමරිකාවේ ඇතැම් දේශපාලනඥයන් විද්‍යා හා ආර්ථික වර්ධන නීති උල්ලංඝනය කරමින් තරගකාරීත්වය හුවාදක්වමින් චීනයට පීඩා එල්ල කර ඇත. මෙවැනි පියවර මගින් දෙරටේ ආර්ථික, අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ ඇතුළු විවිධ ක්ෂේත්‍ර වල සහයෝගීතාවන් දැඩි ලෙස විනාශ කරනු ඇත. ඇමරිකාවේ ප්‍රතිලාභ වලට ද එය හානිකරය.

ඇමරිකා පාර්ශ්වයේ ඇතැම් පුද්ගලයන් යුක්ත සහගත ව චීනයේ සංවර්ධනය සලකා බැලිය යුතු අතර, එම පනත ඉදිරියට මෙහෙයවීම වහාම නතර කළ යුතු ය. චීනයේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් වීමට තැත් කිරීමේ හා චීනයේ ප්‍රතිලාභ වලට හානි කිරීමේ ඕනෑ ම පිළිකුල් සහගත ක්‍රියාවකට චීනය අනිවාර්යයෙන් ම දැවැන්ත ප්‍රතිපහරක් එල්ල කරනු ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන