ඇමරිකාව තායිවාන සමුද්‍ර සන්ධි ප්‍රදේශයේ සාමය හා ස්ථාවරත්වය විනාශ කරන ප්‍රධාන පාර්ශ්වයක් බව යළි සනාථ වේ
2022-02-09 15:26:58
Share with:

ඇමරිකාව තායිවාන සමුද්‍ර සන්ධි ප්‍රදේශයේ සාමය හා ස්ථාවරත්වය විනාශ කරන ප්‍රධාන පාර්ශ්වයක් බව යළි සනාථ වේ_fororder_950

ඇමරිකාව, තායිවාන සමුද්‍ර සන්ධි ප්‍රදේශයේ සාමය හා ස්ථාවරත්වය විනාශ කරන ප්‍රධාන පාර්ශ්වයක් බව, චීනයේ තායිවාන ප්‍රදේශය වෙත අවි අලෙවි කිරීමෙන් යළි සනාථ කර තිබේ.

චීනයේ තායිවාන ප්‍රදේශය වෙත ඇමරිකානු ඩොලර් කෝටි දහයක වටිනාකමින් යුතු අවි ආයුධ ව්‍යාපෘති දෙකක් අලෙවි කිරීමට ඇමරිකාව පසුගිය 7 වනදා තීරණය කළේය. වත්මන් ඇමරිකානු රජය තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීමේ දෙවැනි අවස්ථාව මෙය යි.

තායිවාන ප්‍රශ්නය චීන ඇමරිකානු සබඳතාවයේ වැදගත් ම මෙන්ම සංවේදී ම පරිච්ඡේදය වේ. එකම චීනය ප්‍රතිපත්තිය අනුගමනය කිරීම හා තායිවාන බෙදුම්වාදීන්ට අනුබල නොදීම පිළිබඳව වත්මන් ඇමරිකානු රජය බොහෝ වතාවක් ප්‍රතිඥා දී තිබේ. එහෙත් ඔවුන් එම ප්‍රතිඥා ඉටුකිරීමට අපොහොසත් වූ බව දක්නට ලැබිණ.

තායිවාන ප්‍රශ්නය ප්‍රයෝජනයට ගනිමින් චීනයේ සංවර්ධනයට බාධා එල්ල කිරීමට ඇමරිකාව ප්‍රයත්න දරා ඇත. එසේම තායිවාන සමුද්‍ර සන්ධි ප්‍රදේශයේ උණුසුම් තත්ත්වය තවදුරටත් උග්‍ර කරමින්, තායිවාන ප්‍රදේශය ඇමරිකාවේ ඊනියා ඉන්දු පැසිෆික් උපාය මාර්ගයට හසු කර ගනිමින්, ඇමරිකාව අවි ආයුධ අලෙවි කර දැවැන්ත ප්‍රතිලාභ ලබාගෙන තිබේ. එකම චීනය ප්‍රතිපත්තිය විකෘති කිරීමට හා තායිවාන බෙදුම්වාදීන්ට එය ඒත්තු ගැන්වීමට ඇමරිකාව වෑයම් කරමින් සිටී. එමගින් තායිවාන ප්‍රදේශය ඉතා අනතුරුදායක තත්ත්වයට පත්වන අතර, මේ නිසා ඇමරිකාවට දරා ගත නොහැකි පිරිවැයකින් වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි ද විචාරකයෝ පෙන්වාදෙති.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන