චීන ලතින් ඇමරිකා සබඳතාව ශක්තිමත් කරන එක් තීරයක් එක් මාවතක්
2022-02-09 18:16:38
Share with:

චීන ලතින් ඇමරිකා සබඳතාව ශක්තිමත් කරන එක් තීරයක් එක් මාවතක්_fororder_QQ截图20220209162933

“චීන දුම්රිය ක්‍රියාත්මක කිරීමෙන් පසුව Saint Martin දුම්රිය මාර්ගයේ ප්‍රවාහන පිරිවැය පෙරට වඩා සියයට 40කින් අඩු වීම හේතුවෙන් ව්‍යවසායන් යළි දුම්රිය මගින් භාණ්ඩ ප්‍රවාහන කරනවා. ” ආජන්ටිනාවේ භාණ්ඩ ප්‍රවාහන කටයුතු වල නිරත වූ රියැදුරෙක් මෙලෙස පැවසීය. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල යටතේ චීනය හා ආජන්ටිනාව යටිතල පහසුකම් ඉදි කිරීමේ සහයෝගිතා පවත්වා එරට ධාන්‍ය නිෂ්පාදන අඩු පිරිවැය සහිත දුම්රිය මගින්  ප්‍රවාහනය කිරීමට අවස්ථාව සැලසී තිබේ.එමගින් ආජන්ටිනාවේ ධාන්‍ය නිෂ්පාදනවලට ජාත්‍යන්තර වාණිජ තරඟකාරීත්වය තුළ යළි මිළ වාසිය හිමි විය.

මෑතකදී ආජන්ටිනා ජනාධිපතිවරයා චීනයේ සිදු කළ සංචාරය අතරතුර  චීනය සමඟ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිබඳ පොදුවේ සංවර්ධනය කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමට අත්සන් කර ඇත.21 වන සියවසේ මුහුදු සේද මාවතේ ස්වභාවික අතිරේක මාර්ගයක් ලෙස ලතින් ඇමරිකාව එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල සංවර්ධනය කිරීමේ අත්‍යවශ්‍ය වැදගත් පාර්ශ්වයකි.

පොදුවේ සාකච්ඡා කිරීම පොදුවේ සංවර්ධනය කිරීම හා පොදුවේ ජයග්‍රහණ බෙදා ගැනීම එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙලේ සැබෑ  අර්ථයයි.දැනට එය චීන- ලතින් ඇමරිකා සංවර්ධන උපාය මාර්ගයට අවස්ථා ලබා දෙමින් තිබේ. දිනෙන් දින සමීප වෙමින් පවතින චීන -ලතින් ඇමරිකා සහයෝගිතාව අදාළ ප්‍රදේශවල යටිතල පහසුකම් මට්ටම ඉහළ නංවා ගෙන රැකියා නියුක්ති අවස්ථා වැඩි කර ආර්ථීක සංවර්ධනය පොළඹවී ඇති අතර සංවර්ධනය සඳහා ද සහතිකය සලසා දී තිබේ.එම ස්වයං ශක්තිය මත ගෙන එන ජගත් සහයෝගිතාව කිසිදු බලවේගයකට හෝ දේශපාලන වාසී ලබා ගැනීමේ අපේක්ෂාවෙන් බාධා කළ නොහැකිය. 

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන