කොවිඩ් වසංගතයෙන් ලොව 90% කට වැඩි රටවල වෛද්‍ය සේවාවන්ට දැඩි බලපෑම්
2022-02-09 10:32:33
Share with:

කොවිඩ් වසංගතයෙන් ලොව 90% කට වැඩි රටවල වෛද්‍ය සේවාවන්ට දැඩි බලපෑම්_fororder_世卫组织

ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය 7වැනිදා පළ කළ විමර්ශන වාර්තාවකට අනුව, ලොව අතිබහුතර රටවල අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන්ට කොවිඩ් වසංගතයෙන් දැඩි බලපෑම් සිදු ව තිබේ. අදාළ සමීක්ෂණය ක්‍රියාවට නැංවුණු රටවල් හා කලාප 129කින් 92%ක එම තත්ත්වය දැකිය හැකි වේ. එම රටවල හා කලාපවල සාමාන්‍ය එන්නත් දීම සහ ප්‍රතිකාර යනාදිය කෙරෙහි මෙහිදී අවධානය යොමු කර ඇත.

මෙම සමීක්ෂණය පසුගිය නොවැම්බර් සහ දෙසැම්බර් මාස පදනම් කරගනිමින් සිදුකෙරිණ. COVID-19 වසංගතය හේතුවෙන් විවිධ රටවල අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන්ට දැඩි බලපෑම් එල්ල වී තිබේ. 2021 වසර අවසානයේ තත්වය හා එම වසරේ ආරම්භය සමඟ සසඳන විට, කිසිම ප්‍රගතියක් පෙන්නුම් නොකෙරෙන බව, ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙයි.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන