අයිස් සහ හිම ආර්ථිකය චීනයේ වසන්ත උත්සවය උණුසුම් කරයි
2022-02-08 10:11:20
Share with:

අයිස් සහ හිම ආර්ථිකය චීනයේ වසන්ත උත්සවය උණුසුම් කරයි_fororder_QQ图片20220208100949

චීන සාම්ප්‍රදායික ලිත් ක්‍රමයට අනුව එළඹි කොටියාගේ වස‍රේ වසන්ත උත්සව කාලය තුළ , චීනයේ Bing dwen dwen යන බෙයිජිං ශීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සුරතල් සත්ව අනුරුව වේගවත් ලෙස අළෙවි වී තිබේ.

වර්තමානයේ දී  එම  Bing dwen dwen සුරතලා මිල දී ගැනීමට ද අසීරුය. මාර්ගගත වෙළඳසැල්වල තොග අවසන්වී ඇති සාමාන්‍ය වෙළඳසැල් මගින් එය මිළදී ගැනීම සඳහා  පෝලිම්වල සිටීමට සිදුව තිබේ. ශීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ උණුසුමත් සමග චීන වසන්ත උත්සව සමයේ දිගු නිවාඩුව හේතුවෙන් පාරිභෝගික වෙළඳපොලේ ආර්ථික ශක්තිය තවදුරටත් වර්ධනය වී තිබේ .

හිම ආර්ථිකයෙන් සමස්ත  චීනයම උණුසුම්වීමක් ඉන් දැකිය හැකිය.

උත්සව නිවාඩුව තුළ ශීත ඍතු ඔලිම්පික් ආශ්‍රිත නිෂ්පාදන පමණක් නොව, අයිස් සහ හිම ක්‍රීඩා ද ජනප්‍රිය අංග බවට පත්ව ඇත. චීනය 2015 දී බෙයිජිං ශීත සෘතු ඔලිම්පික් උළෙල සඳහා ලංසු තැබූ අවස්ථාවේ ,  "මිලියන 300 ක ජනතාවක් අයිස් හා හිම ක්‍රීඩා සඳහා සහභාගී කරවා ගැනීමේ" ඉලක්කය ඉදිරිපත් කළේය.දැන් එම ඉලක්කය සපුරා ඇත. අයිස් සහ හිම ක්‍රීඩා, අයිස් සහ හිම සංචාරක ව්‍යාපාරය, අයිස් සහ හිම උපකරණ මෙන්ම අයිස් සහ හිම කර්මාන්තයේ ආයෝජන සහ මූල්‍යකරණය දක්වා චීනයේ අයිස් හා හිම කර්මාන්තය පුළුල් ලෙස වැඩිදියුණු කර තිබේ .

2021 සිට 2022 දක්වා චීනයේ අයිස් සහ හිම විවේක සංචාරක ආදායම යුවාන් බිලියන 323.3 දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව චීන සංචාරක පර්යේෂණ ආයතනය මෑතක නිකුත් කළ වාර්තාවක දැක්වේ .

ගුවන් විදුලිය
20240508බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන