"ඔලිම්පික්" මගින් ආරංචි වන්නේ මොනවාද?
2022-02-07 09:15:54
Share with:

"ඔලිම්පික්" මගින් ආරංචි වන්නේ මොනවාද?_fororder_22

2022 වසරේ පෙබරවාරි පස් වැනිදා, බෙයිජිං ශීත ඔලිම්පික් උළෙලේ දෙවන දිනයේදී චීනයේ බෙයිජිං අගනුවර පිහිටි මහජන මහා ශාලාවේ දී, මෙවර ශීත ඍතු ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවයට සහභාගී වූ ජාත්‍යන්තර සම්භාවනීය අමුත්තන් පිරිසක් පිළිගනු ලැබුණා.

අභියෝග මධ්‍යයේ ආරම්භ වූ මෙවර සීත කාලීන ඔලිම්පික් උළෙල, අපට ගෙනදිය හැක්කේ කවරක් ද? අවධානය යොමු කළ යුතු දේ කුමක් ද? ඒ පිළිබඳව ෂී ජින්පිං මහතාට ඇත්තේ ගැඹුරු සිතුවිලි  සමුදායක්.

ඔලිම්පික් චින්තනයේ මුල් අභිප්‍රාය මතකයේ තබාගෙන සදාකාලීන සාමයකින් සපිරි ලෝකයක් පොදුවේ බිහි කළ යුතු බවත්, ඔලිම්පික් ක්‍රීඩා ජීවගුණය ඉදිරියට ගෙන යා යුතු බවත්, සාමූහික සහයෝගීතාවයෙන් යුත් ජාත්‍යන්තර පවුලක් ලෙසට එක්ව ගොඩනැගිය යුතු බවත් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පසුගියදා පැවති හමුවීමේදී ප්‍රකාශ කළා. ඔලිම්පික් සිහිනයේ අරමුණ ක්‍රියාවට නැංවිය යුතු අතර පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ඒකාබද්ධව ගොඩනැගිය යුතු යැයි ද හෙතෙම පෙන්වා දුන්නා. මෙහි සඳහන් වූ යුතුකම් තුන, සාමය, සමගිය සහ ප්‍රගතිය යන්න හා සම්බන්ධ වෙනවා. ඒවා වර්තමාන ලෝකයේ අත්‍යවශ්‍ය කරුණු ලෙසට සැලකෙනවා.

පසුගිය දා පැවති පිළිගැනීමේ භෝජන සංග්‍රහයේදී ෂී ජින්පිං මහතා ප්‍රකාශ කර ඇත්තේ නව කොරොනා වසංගතය තවමත් දරුණු ලෙස පැතිර යන අතරතුර දේශගුණික විපර්යාස සහ ත්‍රස්තවාදය වැනි ගෝලීය ගැටලු එකින් එක මතුවෙමින් පවතින බවයි. "වඩාත් එකමුතුවෙන්" ජගත් ප්‍රජාව ක්‍රියා කළ යුතුයි. ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීම සඳහා ඒ ඒ රවටල් ඒකාබද්ධව පොදු අනාගතය උදෙසා සහයෝගයෙන් කටයුතු කළ යුතුමයි.

ෂී ජින්පිං මහතාගේ කතාව ජාත්‍යන්තර ඔලිම්පික්  කමිටු සභාපතිවරයා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ගේ ඉහළ ඇගයීමට ලක් වී තිබෙනවා. නීතිරීතිවලට මෙන්ම එකිනෙකාට ගරු කරමින් සාමකාමී සහ හිතකර තරඟකාරිත්වයකින් ලෝකය එක්සත් කිරීම, ඔලිම්පික් ක්‍රීඩක මෙහෙවර වන අතර එය ලෝකයේ සියලුම රටවල ඉලක්කයක් විය යුතු බව ද ඔවුන් පැවසූවා. අභියෝග රැසකට මුහුණ දෙමින් සිටින අද ලෝකයට පෙරට වඩා එකමුතුකම සහ සහයෝගීතාව අවශ්‍ය යැයි සඳහන් කෙරෙනවා.

ගුවන් විදුලිය
20240415සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන