චීන-රුසියානු ද්විපාර්ශ්වික සම්බන්ධතා පැහැසර අනාගතයක් කරා
2022-02-05 19:53:02
Share with:

චීන-රුසියානු ද්විපාර්ශ්වික සම්බන්ධතා පැහැසර අනාගතයක් කරා_fororder_微信图片_20220205195209

24වැනි ශීත සෘතු ඔලිම්පික් උළෙල ඊයේ (04) රාත්‍රි බෙයිජිංහිදී නිල වශයෙන් ආරම්භ විය. රුසියානු ජනාධිපති Vladimir Putin

මහතා එහි සමාරම්භක උත්සවයට එක් වූ ඉහළ පෙළේ සම්භාවනීය අමුත්තන් අතර සිටියේ ය. ඊයේ(4) සවස, එනම් බෙයිජිං ශීත සෘතු ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවයට පෙර, චීන හා රුසියානු ජනාධිපතිවරුන් දෙපළ සාකච්ඡා පැවැත්වීම සුවිශේෂ සිද්ධියක් ලෙස සැලකේ. එම හමුව චීන-රුසියානු ද්විපාර්ශ්වික සම්බන්ධතා වඩාත් තහවුරු කර ඇතැයි විශ්වාස කෙරේ.

එම හමුවේ කැපී පෙනුණේ, උපාය මාර්ගික සහයෝගිතාව යන්නයි. චීනය හා රුසියාව ද්විපාර්ශ්වික උපාය මාර්ගික සහයෝගිතාව තව තවත් ඉදිරියට ගෙන යමින් ජාත්‍යන්තර යුක්තිය හා සාධාරණත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් උරෙනුර ගැටී කටයුතු කරනු ඇත. මෙය, චීනයට හා රුසියාවට පමණක් නොව, සමස්ත ‍ලෝකයට ම සියුම් බලපෑමක් එල්ලකරන උපාය මාර්ගික තේරීමක් බව චීන ජනාධිපතිවරයා හමුවේදී අවධාරණය කර ඇත. රුසියානු ජනාධිපතිවරයා ඊට එකඟතාව පළ කර තිබේ.

ප්‍රායෝගික සහයෝගිතාව එම චීන-රුසියානු ‍නායක හමුවේ තවත් වැදගත් කරුණකි. ආර්ථික, වෙළඳ, බලශක්ති, විද්‍යා තාක්ෂණ හා මූල්‍ය ඇතුළු බොහෝ කරුණු පිළිබඳව නායක දෙපළ සාකච්ඡා කර ඇත. මේ වන විට ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් භාණ්ඩ හා සේවා වෙළඳාම පිළිබඳ, සංවර්ධන මාර්ග සිතියමක් චීනය හා රුසියාව සකස් කර අවසන් ය. මෙය, දෙරටේ නායකයන් විසින් නියම කරන ලද 2024 වසරේ ද්විපාර්ශ්වික වෙ‍ළඳාම ඇමරිකානු ඩොලර් බිලියන 200ක් ඉක්මවා යාමේ ඉලක්කය සපුරාලීම සඳහා ප්‍රබල රුකුලක් සපයා තිබේ. චීන-රුසියානු ක්‍රීඩා හුවමාරු වසර නිල වශයෙන් ආරම්භ වන බව ද එහිදී ප්‍රකාශ කෙරිණ. චීනය හා රුසියාව අතර පවතින ඉහළ මට්ටමේ අන්‍යෝන්‍ය විශ්වාසය හා ප්‍රායෝගික සහයෝගිතාව දෙරටේ ජනතාවට සෙත සලසා දෙන අතර සංකීර්ණ ජාත්‍යන්තර තත්ත්වයට ධනාත්මක ශක්තියක් එක් කරන බවට ද විශ්වාස කෙරේ.

ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන