බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් උළෙල "සමගියේ ශක්තිය" ලෝකයට විදහා පායි
2022-02-04 15:49:45
Share with:

බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් උළෙල "සමගියේ ශක්තිය" ලෝකයට විදහා පායි_fororder_QQ图片20220204154834

"වේගයෙන් ඉදිරියට ගොස් ඉහළ ඉලක්ක තබා ශක්තිමත් විය හැක්කේ සමගි වුවහොත් පමණකැයි" ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති Thomas Bach මහතා විසින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත කරන ලද ආයාචනයයි. අද(4) රාත්‍රී ආරම්භ වන බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් උළෙල "සමගියේ ශක්තිය" ලෝකයට විදහාපානු  නිසැකය.

"වඩාත් එකමුතුව" යන ඔලිම්පික් ආදර්ශ පාඨයට අනුව පවත්වන පළමු ශීත ඍතු ඔලිම්පික් උළෙල ලෙස, බෙයිජිං ශීත සෘතු ඔලිම්පික් උළෙලට රටවල් හා කලාප 90ක පමණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3000කට ආසන්න සංඛ්‍යාවක් ආකර්ෂනය වී තිබේ. බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් උළෙලේ නියමිත කර ඇති ඉසව් සහ රන් පදක්කම් ප්‍රමාණය ශීත ඍතු ඔලිම්පික් උළෙලේ ඉතිහාසයේ ඉහළ මට්ටමට ළඟා වී ඇත.

වසංගතය අඛණ්ඩව පැතිර යාම හා භූ දේශපාලනික තත්ත්වය උත්සන්න වෙමින් පවතින පසුබිමක බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් උළෙල  පැවැත්වේ. විශේෂයෙන් ශීත ඍතු ඔලිම්පික් උළෙල පවා දේශපාලනීකරණය කිරීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ දැරූහ. මෙම පසුබිම යටතේ, ඔලිම්පික් ව්‍යාපාරය විසින් ඉදිරිපත් කරන ලද "වඩාත් එකමුතුව" වත්මන් කාලයේ වඩාත්ම අවශ්‍ය දෙයක් බවට විවාදයක් නොමැත.

වසර 6කට වැඩි සූදානමකින් පසුව, බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් උළෙල නියමිත පරිදි පැවැත්වීමට කටයුතු යොදා ඇත. එය ලෝක සමගිය ප්‍රවර්ධනය කිරීමේ චීනයේ වගකීම පිළිබිඹු කරයි.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන