ඔලිම්පික් උළෙලේ විවෘත භාවයෙන් චීනය හා ලෝකයට ද්විත්ව ජයග්‍රහණ
2022-02-03 17:03:50
Share with:

ඔලිම්පික් උළෙලේ විවෘත භාවයෙන් චීනය හා ලෝකයට ද්විත්ව ජයග්‍රහණ_fororder_QQ图片20220203170225

2019 වසරේ බෙයිජිං ශීත සෘතු ඔලිම්පික් උළෙල සඳහා ගෝලීය ස්වේච්ඡා සේවකයන් බඳවා ගැනීම ආරම්භ වී දින 4 කට පසු, එම අයදුම්කරුවන් සංඛ්‍යාව 460 000 ඉක්මවයි. මෙය චීන "ඔලිම්පික් උළෙල විවෘතව පැවැත්වීම" පිළිබඳ විශිෂ්ට නිදසුනක් වන අතර, එය "චීන විවෘත භාවයේ" ආකර්ෂණය ද තීව්‍ර කරනු ඇත.

2022 ශීත ඍතු ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය, 2015 වසරේදී චීනය සාර්ථකව හිමි කරගැනීමෙන් පසු, ඒ සඳහා සූදානම් වීමේ සමස්ත ක්‍රියාවලිය පුරා, චීනය විවෘත භාවයේ සංකල්පය ක්‍රියාත්මක කළේය. මෑත වසරවලදී, බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් සංවිධාන කමිටුව උළෙලේ සූදානම් කටයුතු සඳහා විදේශීය විශේෂඥයින් 37 දෙනෙකු සහ විදේශීය විශේෂ තාක්ෂණික පුද්ගලයින් 207 දෙනෙකු හඳුන්වා දී ඇත.

ඒ අතරම, ක්‍රීඩාංගණ ඉදිකිරීම, අයිස් සහ හිම සෑදීම, ඉසව් සංවිධානය, පුහුණුව හා සහභාගීත්වය යන අංශවලදීත් ජාත්‍යන්තර ක්‍රීඩා සංවිධාන සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට චීනය මූලිකත්වය ගෙන තිබේ.

චීනය විවෘතභාවය පුළුල් කිරීම සඳහා ප්‍රබල පිටුබලයක් ලෙස, ‍‍බෙයිජිං ඔලිම්පික් උළෙලට සමගාමීව, ලෝකයේ ක්‍රීඩා සහ අයිස් හා හිම කර්මාන්ත සංවර්ධනයට අවස්ථා රැසක් ලබා දී තිබේ.

හෙට (4) බෙයිජිං ශීත සෘතු ඔලිම්පික් උළෙල නිල වශයෙන් විවෘත වේ. සමස්ත ලෝකයම එක්වන තරග බිමක අසිරිය පමණක් නොව, විවෘතභාවය, සහයෝගිතාව සහ ශිෂ්ටාචාරවල අන්‍යෝන්‍ය අවබෝධය පිළිබඳ චීනයේ අධිෂ්ඨානය සහ උත්සාහය ද එහිදී මැනවින් පිළිබිඹු වනු ඇත.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන