ජීවිත නොතකා චීනයට චෝදනා නගන බටහිර බලවේග මානව වර්ගයාට අගෞරවයකි
2022-02-02 20:11:53
Share with:

ජීවිත නොතකා චීනයට චෝදනා නගන බටහිර බලවේග මානව වර්ගයාට අගෞරවයකි_fororder_微信图片_20220202191739

වසංගතය මතු වීමෙන් පසු ගෝලීය වශයෙන් සැලසුම් කළ පරිදි පැවැත්වෙන ප්‍රථම සංයෝගාත්මක ක්‍රීඩා උළෙල වශයෙන්, බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් උළෙලේ කේන්ද්‍රීයම වැඩකටයුතු, වසංගත පාලනය බව නිසැකය. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව, පැරාලිම්පික් කමිටුව හා බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් සංවිධායක කමිටුව ඒකාබද්ධව නිකුත් කළ ‘වසංගත පාලන අත්පොත’ට අනුව, චීනය විවිධ වසංගත පාලන කටයුතු විධිමත් ලෙස ක්‍රියාත්මක කරමින් බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් උළෙලට එක් වන විවිධ පාර්ශ්වයන්ගේ සුරක්ෂිතතාව සහතික කිරීමට උපරිම අන්දමට ක්‍රියා කරමින් සිටියි.

එහෙත් චීනය දැරූ උත්සාහය, උවමනාවට වඩා දැඩි බව පවසමින්, ඇතැම් බටහිර මාධ්‍ය ආයතන මෙවර ශීත ඍතු ඔලිම්පික් උළෙලේ සාමකාමී වාතාවරණය විනාශ කිරීමට ප්‍රයත්න දරමින් සිටීම කණගාටුදායකය. ඇත්ත තත්ත්වය කෙසේ ද? ශීත ඍතු ඔලිම්පික් උළෙලට එක්වීමට පැමිණ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන්ට මේ පිළිබඳව විශ්වසනීයම පිළිතුරු ලබා දිය හැකිය.

‘බෙයිජිංවල ඉන්න කොට ඉතාම සුරක්ෂිත කියලා තමයි දැනෙන්නේ. මොකද බොහෝ සේවක සේවිකාවන් සියළු අයගේ ආරක්ෂාව සඳහා උද්‍යෝගිවත්ව වැඩ කරමින් සිටිනවා කියලා මම දන්න නිසා’ යැයි ඇමරිකාවේ කෙටි තීරු අයිස් මත ලිස්සා යාමේ ඉසව්වේ ක්‍රීඩිකාවක වන Maame Biney පවසයි.

‘ඔයා මෙතනට ආවොත්, මේ සංවෘත පරිසරයේ, නැත්තම් මේ ‘ජෛව බුබුලේ’ සිටියොත්, ඇත්තටම අපි නම් මෙහි සතියකට වැඩි කාලයක් ගත කරලා තියෙනවා, එතකොට ඔයාටත් දැනෙනවා ඉතාමත්ම සුරක්ෂිතයි කියලා’ -- ජර්මානු ශීත ඍතු ඔලිම්පික් නියෝජිත කණ්ඩායමේ සභාපතිවරයා එසේ පැවසුවේය.

චීනය යොදා ගෙන ඇති නිරවද්‍ය, විද්‍යාත්මක වසංගත පාලන විධිවිධාන, සියළුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා සේවකයින්ට විශ්වසනීය සුරක්ෂිත හැඟීමක් ගෙන දී තිබේ. මෙමගින් තරග ඉසව්වලට වඩාත් මනා ලෙස අවධානය යොමු කිරීමට ඔවුන්ට හැකි වී තිබේ.

සුරක්ෂිතතාව, කවර ‍හෝ තරග ඉසව්වක පූර්ව කොන්දේසියයි. වසංගතය හමුවේ, ජන ජීවිතය ඉහළින්ම තැබිය යුතුය. බටහිර බලවේග, මෙවර ශීත ඍතු ඔලිම්පික් උළෙල ඉලක්ක කර ගෙන චීනය ගත් වසංගත පාලන පියවර කෙරේ නුසුදුසු ලෙස චෝදනා නැගීම, මෙවර ඔලිම්පික් උළෙල සඳහා වෑයම් දරන සියළු පුද්ගලයින්ට අගෞරවයක් වන අතර  එය ජීවිත නොතැකීමකි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන