චීනය “හරිත ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලක්” පැවැත්වීමට සූදානම්
2022-02-01 16:32:06
Share with:

图片默认标题_fororder_QQ图片20220201163140

ලබන 4වැනි දා, බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආරම්භ වීමට නියමිත ව තිබේ. ‘ පරිසර හිතකාමී අන්දමින් එම ක්‍රීඩා උළෙල පැවැත්වීම ’ යන සිය ප්‍රතිඥාව චීනය සාක්ෂාත් කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව ලෝකයේ ඉහළ අවධානයට ලක් ව ඇත.

2015 වසරේ, 2022 ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ලංසු තැබීමේ සාර්ථකත්වය හිමි කරගැනීමෙන් පසු, පරිසර හිතකාමී ව එය පැවැත්වීම යන සංකල්පය අනුගමනය කිරීම චීනය විසින්  ආරම්භ කර තිබේ.

ඒ යටතේ සමස්ත ක්‍රීඩාංගන 26ටම ‘ පුනර්ජනනීය බලශක්තියෙන් නිපදවන විදුලි බල ’ සැපයීම ඓතිහාසික වශයෙන් ප්‍රථම වරට සියයට සියයක් සාක්ෂාත් කර ගෙන ඇත. අව කාබන් ක්‍රීඩාංගන ඒ අතරට එක්වූ තවත් විශේෂත්වයකි. එම ක්‍රීඩාංගන 26 පරිසර හිතකාමී ගෘහනිර්මාණ ප්‍රමිතියන්ට අනුකූල ව, වර්ග මීටර් 50දහසකට වැඩි අතිශය අඩු බලශක්ති පරිභෝජන ආදර්ශවත් ව්‍යාපෘතියක් ලෙසට  ඉදි කර තිබේ. එමෙන් ම, සම්පත් උපරිමයෙන් ඉතිරි කරමින්, 2008 බෙයිජිං ග්‍රීස්ම ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ක්‍රීඩාංගනයක් වන ජාතික පිහිණුම් මධ්‍යස්ථානය, මෙවර ශීත ඍතු ඔලිම්පික් ඉසව් සඳහා අයිස් ක්‍රීඩාංගනයක් ලෙසට  පරිවර්තනය වී ඇත. පැසි පන්දු පිටිය, අයිස් හෝකි පිටියක් ලෙසට යළි සකස් කෙරිණ. හයිඩ්‍රජන් ඉන්ධන මගී බස් රථ, විදුලි මෝටර් රථ මෙවර ක්‍රීඩා උළෙලට සේවා සපයන සමස්ත මෝටර් රථ වලින් 80%ක අගය ඉක්මවා තිබේ.

බෙයිජිං ශීතු ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා චීනය පරිසර හිතකාමී සංකල්ප, ප්‍රායෝගික ක්‍රියාවන්ට නංවා තිබේ. මේවා ජගත් ප්‍රජාවේ ඉහළ පැසසුමට ලක්ව ඇත.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන