චීන ජනාධිපතිවරයාගේ ඉහළ සැලකිල්ලට ලක්වන ගැමි ජනතාව‍ගේ ජීවිතය
2022-01-29 10:37:01
Share with:

චීන ජනාධිපතිවරයාගේ ඉහළ සැලකිල්ලට ලක්වන ගැමි ජනතාව‍ගේ ජීවිතය_fororder_6a63f6246b600c332ba5ab4927d77106dbf9a1f3

වසන්ත උත්සවයට පෙර චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ පැමිණීම ග්‍රාමීය වැසියන්ට සැනසිල්ලක් ගෙන දුන්නා.

වසර 2015වේ චීන සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද‍ට පෙරදින, ෂී ජින් පිං මහතා තම ආර්යාව සමඟ Shaanxi පළාතේ Liangjiahe ගම්මානයට ගියා. 60 දශකයේ අග, 15 හැවිරිදි ෂී ජින් පිං, බෙයිජිං සිට Liangjiahe ගම්මානයට ගොස් වසර 7 ක් ගොවි ජීවිතය ගත කළා. වසර 40කට පෙර හා සසඳන විට, වර්තමානයේ එහි වැසියන්ගේ ජීවිතය බොහෝ සෙයින් යහපත් වෙලා. ඔවුන්ගේ නිවාස සහ ආදායම් මට්ටම අඛණ්ඩව වැඩිදියුණු වෙලා තිබෙනවා. වසර 2015වේ එම සංචාරයේදී ෂී ජින් පිං මහතා එහි වැසියන්ට අලුත් අවුරුද්දට අවශ්‍ය භාණ්ඩ මිලට ගත්තා. සහල්, පිටි, තෙල්, මස් සහ අලුත් අවුරුදු සැරසිලි යනාදිය එහි හැම පවුලකමට ලබා දුන්නා.

2021 වසරේ සැප්තැම්බර් මාසයේ ෂී ජින් පිං මහතා යළිත් Shaanxi පළාතේ නිරීක්ෂණ සංචාරයක් සිදු කළා. කලින් ඉතාමත් දුප්පත් Gaoxigou ගම්මානය වසර ගණනක පාලනයෙන් වර්තමානයේ විවිධ කර්මාන්ත සුසංයෝගයෙන් සංවර්ධනය වෙමින් තිබෙන හරිත ගම්මානයක් බවට පත්වෙලා තිබෙනවා.

රටේ සංවර්ධන මාවතේදී, ග්‍රාමීය වැසියන්ගේ ජීවිතය ෂී ජින් පිං මහතාගේ ඉහළ සැලකිල්ලට ලක්වෙනවා. ෂී ජින් පිං මහතා තරුණ කාල‍යේ ලැබූ වටිනා ග්‍රාමීය අත්දැකීම් සහ රටේ නායකයා වශයෙන් සතු ගුණාංග ඊට හේතු වෙනවා.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන