වසන්ත උත්සව සමයේ පැරණි විප්ලවීය ප්‍රදේශවල ජනතාවගේ සුව දුක් විමසීමට අමතක නොකරන චීන ජනපති
2022-01-29 10:45:34
Share with:

图片默认标题_fororder_MAIN201905221128000485851300775

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ගෙවීගිය වසරවල වසන්ත උත්සවයට පෙර ජනතාවගේ සුවදුක් විමසා බැලීම සඳහා විවිධ පළාත්වලට ගියා. ඔහු පැරණි විප්ලවීය ප්‍රදේශවල ජනතාවගේ සුව දුක් විමසා දිවි පිදූවන්ගෙන් පැවත එන්නන් කෙරෙහි සිය ගැඹුරු හැඟීම් පළ කළ උණුසුම් අවස්ථා  අපි සිහිපත් කරමු.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 18වැනි ජාතික නියෝජිත සම්මේලනයෙන් පසු, වසන්ත උත්සවයට පෙර ජනතාවගේ සුවදුක් විමසා බැලීම් හෝ දිනපතා නිරීක්ෂණ චාරිකාවන් තුළ ෂී ජින්පිං මහතා විප්ලවවාදී ස්ථානවලට ගොස් දිවි පිදූවන් සිහිපත් කර ඔවුන්ගෙන් පැවත එන්නන් ගේ සුවදුක් විමසුවා. විප්ලවවාදී ජීවගුණය පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යා යුතු යැයි ඔහු අවධාරණය කළා.

2016 වසන්ත උත්සවය ආසන්නයේදී, විප්ලවවාදී ශුද්ධවූ ස්ථානය වන ජිංගන්ෂාන් හිදී, ෂී ජින්පිං මහතා විප්ලවවාදී දිවි පිදූවන්ගෙන් පැවත එන හය දෙනෙකු සහ ප්‍රකට පුද්ගලයින්ගේ නියෝජිතයින් හමු වුනා.

2019 මැයි මාසයේදී, ජියැන්ග්සි පළාතේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ෂී ජින්පිං මහතා මධ්‍යම රතු හමුදාවේ දිගු පා ගමනේ ආරම්භක ස්ථානය වන යූඩු වෙත පැමිණ විප්ලව ඉතිසාහය නැවත සිහිපත් කළා.

2019 වසරේදී ෂී ජින්පිං මහතා චීන රතු හමුදා බටහිර මාර්ග හමුදා ස්මාරකය හා දිවි පිදූ සුසාන භූමියට, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ෂියැංෂාන් විප්ලවවාදී අනුස්මරණ භූමියට, සහ හනාන් පළාතේ දිවි පිදූවන්ගේ සුසාන භූමියකට ගොස් විප්ලවවාදී දිවි පිදූවන් සිහිපත් කළා.

2021 වසරේ ජූනි මාසයේ චීන කොමියුනිස්ට් පක්ෂය ස්ථාපිත කිරීමේ 100 වැනි සංවත්සරය සැමරීම නිමිත්තෙන් පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමූහික අධ්‍යයනයේදී ෂී ජින්පිං මහතා අවධාරණය කළේ, විප්ලවවාදී ජීවගුණය යනු චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන ස්වභාවයේ සංකේන්ද්‍රිත ප්‍රකාශනය වන අතර නව යුගයේ චීන කොමියුනිස්ට්වාදීන්ගේ ආධ්‍යාත්මික ශක්තියේ මූලාශ්‍රය බවයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන