‘චීනයෙන් විසංයෝජනය කිරීම’, ඉතිහාසයේ කසල බඳුනට විසිවන සිතිවිල්ලක් පමණි
2022-01-28 09:57:49
Share with:

‘චීනයෙන් විසංයෝජනය කිරීම’, ඉතිහාසයේ කසල බඳුනට විසිවන සිතිවිල්ලක් පමණි_fororder_ca18542971540fd27ce7bdc1d52b0536

පසුගිය වසරේ චීනයේ ආනයන හා අපනයන භාණ්ඩ වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 39.1ක් වන අතර එය නව ඓතිහාසික වාර්තාවකි. ප්‍රායෝගිකව යොදා ගත් විදේශ ආයෝජනය යුවාන් ට්‍රිලියන 1.1ක් වන අතර ඉන් යුවාන් ට්‍රිලියනය ඉක්මවා යාමේ ප්‍රථම අවස්ථාව සනිටුවන් විය. විදේශ රටවලට සිදු කළ ඍජු ආයෝජනය සියයට 2.2කින් වැඩි විය. විස්තීරණ සහ ප්‍රගතිශීලී ට්‍රාන්ස් පැසිෆික් හවුල්කාරිත්ව ගිවිසුම (CPTPP) හා ඩිජිටල් ආර්ථික හවුල්කාරී ගිවිසුම(DEPA)ට එක් වීමට චීනය අයදුම්පත් ඉදිරිපත් කර ඇත.

වසර 2021 චීන වාණිජ ක්ෂේත්‍රය ලද එවන් ජයග්‍රහණ තුළින්, චීනය සිය විවෘතභාවය අඛණ්ඩව පුළුල් කිරීම පිළිබඳ පොරොන්දුව ක්‍රියාත්මක කරමින් ලෝකය සමග අඛණ්ඩව සමීපවීම පිළිබිඹු වී තිබේ. ‘චීනයෙන් විසංයෝජනය කිරීම’ සඳහා උත්සාහ දරන ඇතැම් බටහිර දේශපාලනඥයින්ගේ ලජ්ජාව එමගින් ඍජුවම අනාවරණය කර ඇත.

චීනයට ලෝකය අවශ්‍ය වේ. ගෙවී ගිය දශක කිහිපය තුළදී චීනය ක්‍රියාත්මක කළ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය පිළිබඳ ප්‍රතිපත්ති චීන ජනතාවට වඩාත් සුන්දර ජීවිතයක් ගෙන දී තිබේ.

ලෝකයට ද චීනය අවශ්‍යය. ‘ලෝක කම්හල’ ලෙස හැඳින්වන චීනයට බලවත් නිෂ්පාදන හැකියාවක් තිබෙන බැවින් ගොලීය සැපයුම් දාමයේ කේන්ද්‍රීය බලවේගයක් වී ඇත. තවත් අතකින්, ස්ථිරව පුනරුත්ථාපනය වෙමින් පවතින චීන වෙළඳපොල, විදේශ ව්‍යාපාර වෙනුවෙන් සුවිශාල ආයෝජන අවකාශකයක් සලසා දී තිබේ.

සහයෝගතා හා පොදු ජයග්‍රහණ කාලානුරූපි ප්‍රවණතාවක් බව දත්ත හා සත්‍ය තුළින් ඔප්පු වී ඇති පසුබිමක, ‘චීනයෙන් විසංයෝජනය කිරීම’ යන සිතිවිල්ල, ඉතිහාසයේ කසල බඳුනට විසි කරන ලද්දක් වනු ඒකාන්තය. 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන