චීනයේ අභ්‍යවකාශ සංවර්ධන සාර්ථකත්වය ලොවට කියන “2021 චීන අභ්‍යවකාශය” ධවල පත්‍රිකාව
2022-01-28 21:03:07
Share with:

චීනයේ අභ්‍යවකාශ සංවර්ධන සාර්ථකත්වය ලොවට කියන “2021 චීන අභ්‍යවකාශය” ධවල පත්‍රිකාව_fororder_微信图片_20220128204436

චීනය, මෑත වසරවල අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ ලොව විස්මයට පත් කරන තරමේ දැවැන්ත ජයග්‍රහණ රැසක් අත්කරගෙන තිබේ.  “2021 චීන අභ්‍යවකාශය”නමැති ධවල පත්‍රිකාව අද (28) එළිදැක්විණ. එම ධවල පත්‍රිකාව මගින්, චීනයේ අභ්‍යවකාශ සංවර්ධන සාර්ථකත්වයේ රහස සහ අභිලාෂය පිළිබඳ පැහැදිලි විස්තරයක් ඉදිරිපත් කර ඇත.

ගෙවී ගිය වසර 5 තුළ අජටාකාශ විද්‍යාව, තාක්ෂණය හා භාවිතය පිළිබඳව චීනය ලබාගෙන ඇති ප්‍රගතිය එම ධවල පත්‍රිකාවෙන් සම්පිණ්ඩනය කර තිබේ. එමෙන් ම ඉදිරි වසර පහේ රටේ අභ්‍යවකාශ සංවර්ධන සැලැසුම්  ද එහි අන්තර්ගතය. අභ්‍යවකාශයේ පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගො නැගීමේ සංකල්පය චීනය විසින් ප්‍රථම වරට එම ධවල පත්‍රිකාවේ සඳහන් කර තිබේ.

ගත වූ වසර 5 තුළ චීනයේ අභ්‍යවකාශ සංවර්ධනය ශීඝ්‍රයෙන් ඉදිරියට ගොස් ඇත. බෙයි ඩෝ ගෝලීය චන්ද්‍රිකා මඟපෙන්වීමේ පද්ධතිය ස්ථාපනය කිරීමේ සිට අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉදිකිරීම් සම්පූර්ණයෙන් ආරම්භ කිරීම හා අන්තර් ග්‍රහලෝක ගවේෂණය දක්වා චීනයේ අභ්‍යවකාශ ප්‍රගමනය අඛණ්ඩව ඉදිරියට යමින් පවතී. අභ්‍යවකාශ සංවර්ධනය ‍වෙනුවෙන් චීනය ක්‍රමානුකූල සැලැසුම් සකස් කිරීම, අභ්‍යවකාශ විද්‍යා තාක්ෂණික කැපකිරීම් සහ ජාත්‍යන්තර වශයෙන් විවෘත වීම හා යහපත් සහයෝගිතා පැවැත්වීම ඊට ‍ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.

අභ්‍යවකාශය අයත් වන්නේ සමස්ත මානව සංහතියටයි. අභ්‍යවකාශ සංවර්ධන මාවතේ ස්ථිර ව නියැලී සිටින චීනය සෙසු රටවල් සමග සහයෝගිතා පවත්වමින් අදාළ තාක්ෂණය හා දැනුම බෙදා ගැනීම අමතක කර නැත. 2016 වසරේ සිට මේ දක්වා චීනය රටවල් හා ප්‍රදේශ 19ක් සහ ජාත්‍යන්තර සංවිධාන 4ක් සමග අභ්‍යවකාශ සහයෝගිතා පිළිබඳ ගිවිසුම් 46ක් අත්සන් තබා ඇත.

ඉදිරියේදීත් අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ අඛණ්ඩව කටයුතු කරමින් තමන්ට පමණක් නොව ලෝකයට ද සෙත සලසා දීම චීනයේ අපේක්ෂාවයි.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන