චීන-මධ්‍යම ආසියානු සහයෝගීතාවල නව අදියරක්
2022-01-26 17:36:19
Share with:

චීන-මධ්‍යම ආසියානු සහයෝගීතාවල නව අදියරක්_fororder_ruip

අනාගතයේදී කෙතරම් සංවර්ධනය වුවත්, චීනය සැමවිටම මධ්‍යම ආසියානු රටවල විශ්වසනීය අසල්වැසියෙකු, ප්‍රබල සහකරුවෙකු, කලණ මිතුරෙකු මෙන්ම හොඳ සහෝදරයෙකු බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා කියාසිටී.  

චීන ජනාධිපතිවරයා ඊයේ(25) බෙයිජිං හි සිට, චීනය සහ මධ්‍යම ආසියානු රටවල් පහ අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපනය කිරීමේ 30 වැනි සංවත්සර රාජ්‍ය නායක සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වමින් මෙම ප්‍රබල ප්‍රකාශය ඉදිරිපත් කර තිබේ.

කසක්ස්තානය, කිර්ගිස්තානය, ටජිකිස්තානය, ටර්ක්මෙනිස්තානය සහ උස්බෙකිස්තානය යනු බටහිර චීනයේ වැදගත් අසල්වැසියන් ය.

චීන සම්ප්‍රදායික වසන්ත උත්සවය හා බෙයිජිං ශීත ඔලිම්පික් ක්‍රීඩා උළෙල නුදුරේම එළඹෙන අවස්ථාවක, චීනය සහ මධ්‍යම ආසියානු රටවල් පහ අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන්හි 30 වැනි සංවත්සරය සැමරේ. මෙම රාජ්‍ය නායක සමුළුව ඒකාබද්ධව පැවැත්වූ  ප්‍රථම වතාව මෙයයි. මීළඟ අදියරේදී විවිධ ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගීතා සැලසුම් කිරීම සඳහා මෙය ඉතා වැදගත් වේ.

ද්විපාර්ශ්වික සහයෝගීතා පුළුල් කිරීම සඳහා ෂී ජින් පිං මහතා යෝජනා 5ක් ඉදිරිපත් කර ඇති අතර, මධ්‍යම ආසියානු රටවල් පහේ රාජ්‍ය නායකයන් ඊට එකඟතාව පළ කර ඇත.

මීට අමතරව චීන ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, විශාල පරිමාණ වෙළෙඳපොළක් මධ්‍යම ආසියානු රටවලට විවෘත කිරීමට තමා කැමැත්තෙන් සිටින බවයි.

2030 වසර වනතෙක් ද්විපාර්ශ්වික වෙළඳාම ඇ.ඩො. බිලියන 70 දක්වා වැඩි කිරීම, චීන-මධ්‍යම ආසියානු ප්‍රවාහන කොරිඩෝවේ ඉදිකිරීම් ප්‍රවර්ධනයට මෙන්ම  ඉදිරි වසර තුන තුළ මෙම රටවලට ඇ.ඩො. මිලියන 500ක නොමිලේ ආධාර ලබා දීමට, චීනය කැමැත්තෙන් සිටී.

මෙම පියවරයන් චීනය සහ මධ්‍යම ආසියානු රටවල් පහ අතර ප්‍රායෝගික සහයෝගීතාව වැඩිදියුණු කිරීමට සහ ප්‍රවර්ධනයට උපකාරී වනු ඇත.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන