ඔලිම්පික් උළෙල ඇමරිකාවේ දේශපාලන සංදර්ශන වේදිකාවක් නොවේ
2022-01-26 20:34:49
Share with:

 

ඔලිම්පික් උළෙල ඇමරිකාවේ දේශපාලන සංදර්ශන වේදිකාවක් නොවේ_fororder_微信图片_20220126203345

චීනයේ සිටින සිය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් චීනයෙන් ඉවත් කිරීමට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මාන බලමින් සිටින බව එරට ආරංචි මාර්ග පවසා තිබේ. චීනය පිළිපදින දැඩි කොවිඩ් වසංගත පාලනය ඊට හේතු වී ඇතැයි පැවසේ. බෙයිජිං ශීත සෘතු ඔලිම්පික් උළෙල ආරම්භ වීමට තවත් ඇත්තේ දින 10කට අඩු කාලයකි.  ඇමරිකාව මෙවන් පියවරක් ගැනීමට සූදානමින් සිටින්නේ චීනයේ වසංගත පාලනය පිළිබඳ අසත්‍ය පණිවිඩ ලෝකයට නිකුත් කරමින් බෙයිජිං ශීත සෘතු ඔලිම්පික් උළෙලට සියුම් ලෙස බාධා ඇති කිරීමේ අරමුණින් බව පැහැදිලි කරුණකි.

බෙයිජිං ශීත සෘතු ඔලිම්පික් උළෙල සම්බන්ධයෙන් ඇමරිකාව අඛණ්ඩ ව බාධා ඇති කර තිබේ. එම උළෙලට සිය නිලධාරීන් එක් නොවන බව ඇමරිකාව ප්‍රථමයෙන් ප්‍රකාශ කර ඇත. ඉන් අනතුරුව ඇමරිකාව චීන ගුවන් සේවා සමාගම් විසින් ඇමරිකාවේ සිට චීනය දක්වා  ක්‍රියාත්මක කරන ගුවන් ගමන් අහෝසි කර තිබේ. සිය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් චීනයෙන් ඉවත් කිරීම, ඇමරිකාව බෙයිජිං ශීත සෘතු ඔලිම්පික් උළෙලට බාධාකිරීම ඉලක්ක කරගෙන ගනු ඇති තවත් පියවරකි. කුමනාකාර පියවර ගත්ත ද, ඇමරිකාවේ අරමුණ වෙනස් වී නොමැති බව ඒ සෑමවිටකම ප්‍රත්‍යක්ෂ කරුණකි. එම පටු අරමුණ වන්නේ, ජගත් ප්‍රජාව සමගියෙන් හා සහයෝගයෙන් බෙයිජිං ශීත සෘතු ඔලිම්පික් උළෙලට එක් වීමට බාධා කිරීම ය.

බෙයිජිං ශීත සෘතු ඔලිම්පික් උළෙල විවිධ රටවල ක්‍රීඩකයන් සාධාරණ රෙගුලාසි මත එක් වන ලොව ප්‍රමුඛතම තරග පිටියයි. එය ඇමරිකාවේ දේශපාලන සංදර්ශන වේදිකාවක් නොවේ. මේ වන විට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා බෙයිජිං නුවරට පැමිණ සිටී.රුසියාව, පෝලන්තය හා ආර්ජන්ටිනාව ඇතුළු රටවල නායකයන් ද බෙයිජිං ශීත සෘතු ඔලිම්පික් උළෙලට එක් වන බව  ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන