වික්‍රමාන්විත ජීවිතයක් සඳහා විස්තර කථනයක් අවශ්‍ය නැහැ. සීත කාලීන ඔලිම්පික් උළෙලක රන් පදක්කම් හිමිකරුවෙකුගේ කතන්දරය අද වැඩසටහනෙන් හඳුන්වා දෙන්න කැමති.
2004 වසරෙන් ඇරඹෙන මේ කතන්දරයේ දී, දස හැවිරිදි චීන ළමයෙක් සීත කාලීන ක්‍රීඩා තරඟයක් රූපවාහිනිය ඔස්සේ නරඹා එම ක්‍රීඩාව කෙරෙහි ප්‍රථම වරට ආකර්ෂණය වුණා. අඩු ආදායම්ලාභී පවුලකට අයත් මේ දරුවාට දෙමව්පියන් විසින් පාවිච්චි කරන ලද හිම මත ලිස්සා යාමේ සපත්තු දෙකක් සොයා දුන්නා. ඒ ළමයාගේ නම, වූ ඩාජින්ග්.
එම වසරේ ම, ඔහු ගමේ හිම මත ලිස්සායාමේ ළමා ක්‍රීඩා කණ්ඩයාමක ලාබාලතම සාමාජිකයෙක් බවට පත් වුණා. හැමදාම පාන්දර හතරේ සිට ඔහු පුහුණුවීම්වල නියැළි සිටියා. ඒ කාලයේ ඔහුගේ ගමේ අළුයම උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 30 කට අඩුයි. කණ්ඩායමේ බොහෝ දරුවන්ට එය ඉවසීමට නොහැකි වුණත් වූ ඩාජින්ග් වසර තුනක් පුරාම එය දරා ගනිමින් පුහුණුව මග හැරියේ නැහැ. 2007 වසරේ, වේගයෙන් හිමමත ලිස්සායාමේ පළාත් කණ්ඩායමකට ආරාධනාවක් මත ගමේ සිට කිලෝමීටර් 2500ක දුරින් පිටත ප්‍රදේශයකට යාමට ඔහු තීරණය කළා. දෙමව්පියන් දරුවා දුර ප්‍රදේශයකට යැවීමට අකමැති වුවත් පුතාගේ දැඩි අපේක්ෂාව අගය කළා. එම වසරේ දී වූ ඩාජින්ග් ගේ වයස අවුරුදු 13ක් පමණයි.
2010 වසරේ දුරකථන කථාවකින් ඔහුගේ ජීවිතයේ නැවත පරිවර්තනයක් සිදු වුණා. චීන ජාතික කණ්ඩායමේ පුහුණුකාරිණියක් ජාතික කණ්ඩයාමට සම්බන්ධ වීම සඳහා ඔහුට ආරාධනා කළා. චීනයේ සීත ක්‍රීඩා ක්ෂේත්‍රයේ පුරාවෘත්තයක් හිමි චරිතයක් ලෙසට හැඳුන්විය හැකි මේ පුහුණුකාරිණිය ගේ ආරාධනාව ඔහු වහාම පමණක් නොව ඉතා උද්දාමයෙන් පිළි ගෙන බෙයිජිං නගරයට පැමිණියා.
එහෙත්, හිතන ආකාරයට වඩා වෙනස්ව, ඔහුට මල් හා පදක්කම් නෙමෙයි එහි සූදානම් කර තිබුණේ. කාන්තා කණ්ඩායම සඳහා පුහුණු සහකරුවෙක් ලෙසට මුලින්ම සේවය කරන ලෙසට ඔහුට දැනුම් දුන්නා. හිටපු ක්‍රීඩා කණ්ඩායමේ ප්‍රමුඛ පෙළේ සාමාජිකයෙක් වූ ඔහු, ජාතික කණ්ඩායමේ කාන්තා ක්‍රීඩිකාවන්ට සහකරුවෙක් පමණක් නොව, එහි කාන්තා ක්‍රීඩිකාවන් පරාජය කරන්නත් නොහැකි වුණා. තමාගේ අඩුපාඩු අවබෝධ කර ගනිමින් දෛනික පුහුණු වලට පෙරට වඩා දැඩි ලෙස ක්‍රියා කළ වූ ඩාජින්ග්, හැම දා ම පළමුවැන්නා ලෙසට පුහුණු භූමියට පැමිණියා. ක්‍රීඩා කරන ගමන්ම වීඩියෝ කර වරින් වර තමාගේ සෑම ඉරියව්වක්ම ඔහු යළි යළි පරීක්ෂා කළා. වසර 2013නේ, දකුණු කොරියාවේ පැවති ලෝක කෙටි දුර වේගවත් හිමමත ලිස්සීමේ ඉසව්වේදී රන් පදක්කම හිමි කර ගන්න ඔහු සමත්වුණා. ඒ ඔහු ලැබූ පළමු වැනි ලෝක පදක්කමයි.