වගකීම මනාව ඉටුකිරීමට සිහින මවන ස්වේව්ඡා සේවිකාවක්
2022-01-24 14:17:32
Share with:

වගකීම මනාව ඉටුකිරීමට  සිහින මවන  ස්වේව්ඡා සේවිකාවක්_fororder_2

Peng Xinyue නිරිතදිග චීනයේ යුන්නැන් පළාතේ කුන්මින්ග් නගරයේ පදිංචිකාරියක්. කුඩා කාලයේ සිටම ක්‍රීඩාවට ළැදි වූ ඇය ක්‍රීඩා තරඟකාරී සිහිනයක ගැලී සිටිනවා. ඇය වෘත්තීය ක්‍රීඩිකාවක් නොවූවත්, ඇගේ හදවත ඔලිම්පික් පිළිබඳ ආත්මීය ආශාවෙන් පිරී තිබෙනවා. අද, ඇය හබේ පළාතේ විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි විෂය ඉගෙන ගනිමින් සිටින ශිෂ්‍යාවක වන අතර, බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් උළෙලට එක්වන  ස්වේච්ඡා සේවිකාවක්.

බෙයිජිං 2022 ශීත ඍතු ඔලිම්පික් උළෙල සඳහා ස්වේච්ඡා සේවකයන් බඳවා ගැනීමේදී, විශ්වවිද්‍යාලයේ නවක ශිෂ්‍යාවක වන Peng Xinyue පැකිලීමකින් තොරව ලියාපදිංචි වුණා. අදාළ සම්මුඛ සාකච්ඡා මෙන්ම තෝරා ගැනීම් වට කිහිපයකින් පසුව, Peng Xinyue බෙයිජිං 2022 ශීත ඍතු ඔලිම්පික් උළෙල සඳහා Zhangjiakou කඳුකර විකාශ මධ්‍යස්ථානයේ භාෂා සේවා ස්වේච්ඡා සේවිකාවක බවට පත්වුණා.

ඉසව්ව අතරතුර, සේවා මණ්ඩලය වෙනුවෙනුත්, අදාළ පාර්ශ්ව වෙනුවෙනුත් භාෂාව පිළිබඳ හදිසි සහන සේවා භාෂා ස්වේච්ඡා සේවක සේවිකාවන් විසින් ඉටුකෙරෙනවා. ශීත ඍතු ඔලිම්පික් උළෙලේ බහු භාෂා මධ්‍යස්ථානය මගින් ඉංග්‍රීසි, ප්‍රංශ, ජර්මන්, රුසියානු, ඉතාලි, ජපාන් සහ දකුණු කොරියානු භාෂා හතකින් පැය 24 පුරා ම චීනයෙන් විදේශ භාෂාවලට දුරකථන සංවාද පරිවර්තන සේවාව සපයනු ලැබෙනවා. තවත් විදේශ භාෂා 14කින් උදේ හයේ සිට මධ්‍යම රාත්‍රිය දක්වා  දුරකථන සංවාද පරිවර්තන සේවා ලබා ගත හැකියි.

වගකීම මනාව ඉටුකිරීමට  සිහින මවන  ස්වේව්ඡා සේවිකාවක්_fororder_3

සෘතු හතරම වසන්තය බඳු වන කුන්මිං නගරයේ වෙසෙන Peng Xinyue ට අංශක සෘණ 20ක තද සීත කාලගුණය සම්පූර්ණයෙන්ම අලුත් අත්දැකීමක්. එළඹෙන ශීත ඍතු ඔලිම්පික් උළෙල උදෙසා දිගු කලක් තිස්සේ බලා සිටින Peng Xinyue ඒ ගැන දැඩි උද්යෝගිමත්ව පසුවනවා.  ශීත ඔලිම්පික් උළෙලේ ස්වේව්ඡා සේවක නිල ඇඳුම් අඳින විට, තමාම විස්මයට පත්වනු ඇතැයි  Peng Xinyue විශ්වාසය පළ කළා.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන