එකම චීනය ප්‍රතිපත්තියට එරෙහි වූ ලිතුවේනියාවේ දෙස් විදෙස් ව්‍යවසායන්හි ප්‍රබල කඩාවැටීමක්
2022-01-24 20:11:45
Share with:

එකම චීනය ප්‍රතිපත්තියට එරෙහි වූ ලිතුවේනියාවේ දෙස් විදෙස් ව්‍යවසායන්හි ප්‍රබල කඩාවැටීමක්_fororder_微信图片_20220124200108

ලිතුවේනියාව එකම චීනය ප්‍රතිපත්තියට එරෙහිව කටයුතු කළ බැවින්, එරට දෙස් විදෙස් ව්‍යවසායන් විශාල වශයෙන්  ආර්ථික අලාභයකට ලක් ව ඇතැයි මෑතකදී රොයිටර් පුවත්‍ සේවය ඇතුළු මාධ්‍ය වාර්තා කර තිබේ. පසුගිය නොවැම්බර් මාසයේ ලිතුවේනියාව චීනයේ තායිවාන පළාතට, සිය රටේ නියෝජිත ආයතනයක් ස්ථාපනයට අවසර දුන්නේ ය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ලිතුවේනියාවේ බොහෝ දේශීය ව්‍යවසායන් හා එරට ආයෝජනය කළ විදෙස් ව්‍යවාසයන් යුරෝ කෝටි 10කට වැඩි අලාභයකට ලක් වී ඇත. බොහෝ විදෙස් ආයෝජකයන් ලිතුවේනියාව අත්හැර සිය ව්‍යාපාර සෙසු රටවලට මාරු කරමින් සිටී. චීනය සමග විධිමත් සම්බන්ධතා වහා ප්‍රකෘතිමත් කරන ලෙස ඇතැම් ජර්මානු ව්‍යවසායකයන් ලිතුවේනියාවෙන් ඉල්ලීමක් කර ඇතැයි ද වාර්තා වේ. ලිතුවේනියාව එසේ කටයුතු නොකළහොත් තමන් එරටින් ඉවත් වන බව එම ජර්මානු ව්‍යවසායකයන් පවසා තිබේ.

මෙවන් තත්ත්වයක් හමුවේ යුරෝ කෝටි 13ක ණය අරමුදලක් ස්ථාපනය කරමින් අලාභ  සිදු වූ ව්‍යවසායන්ට සහය දෙන බව ලිතුවේනියානු රජය ප්‍රකාශ කර ඇත. එහෙත් එම ණය අරමුදලින් සියලු ප්‍රශ්න නොවිසඳෙන බව පැහැදිලි ය.

චීනය සැමවිටම සිය භෞමික අඛණ්ඩතාව රැක ගනී. එකම චීනය ප්‍රතිපත්තියට එරෙහිව කටයුතු කරන ඕනෑම පාර්ශ්වයකට අවසානයේ පාඩු සිදු වනු නියත ය. තමන් කළ වැරදි දේ තුළින් තමන්ට සිදු වූ හානි තවදුරටත් දුරදිග නොයෑම වෙනුවෙන් ලිතුවේනියානු රජය සිය වරද වහාම ක්‍රියාවෙන් නිවැරදි කර, චීනය සමග යහපත් සබඳතා යථා තත්ත්වයට පත් කළ යුතු ය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන