ඇමරිකාව චීන විද්‍යාඥයින්ගේ දේශපාලන හිංසනය වහාම නැවැත්විය යුතුයි
2022-01-21 20:54:32
Share with:

ඇමරිකාව චීන විද්‍යාඥයින්ගේ දේශපාලන හිංසනය වහාම නැවැත්විය යුතුයි_fororder_20220121194123389

ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව ඊයේ (20) මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ චීන මහාචාර්යවරයෙකු වන ChenGang මහතාට එරෙහි චෝදනා නිල වශයෙන් ඉවත් කර ගත්තේය. "මෙය ඇමරිකාවේ ඊනියා 'චීන ක්‍රියාකාරී සැලැස්ම' සඳහා වූ නවතම පසුබෑමක්" යනුවෙන් Reuters ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර තිබේ. චීනය සම්‍පූර්ණයෙන් පාලනය කොට මර්දනය කිරීම සඳහා දරන උත්සාහය මත 2018 දී ඇමරිකාව ඊනියා "චීන ක්‍රියාකාරී සැලැස්ම" ආරම්භ කළේය.ඊනියා "විද්‍යාත්මක පර්යේෂණ ප්‍රතිඵල සොරකම් කිරීම" සහ "ආර්ථික ඔත්තු සේවය" වැලැක්වීමේ මුවාවෙන්, චීනයට එරෙහිව නඩු පැවරීම්  සිදු කරන ලෙසට එම සැලැස්ම ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියේය.

ව්‍යාජ චෝදනා නියම කිරීම සහ නඩු පැවරීමේ ඉලක්ක ප්‍රකාශ කිරීම වැනි යුක්තිය නොසලකා හරින අභූත දේවල් සැමවිටම "ප්‍රජාතන්ත්‍රවාදය" සහ "නීතියේ ආධිපත්‍යය" ප්‍රචාරය කරන ඇමරිකාවේ සිදු වීම විශ්වාස කළ නොහැක.

දේශපාලන අරමුණින් චීනය හා ඇමරිකාව අතර සාමාන්‍ය පිරිස් සහ විද්‍යාත්මක හා තාක්ෂණික හුවමාරුවලට බාධා කිරීම, චීන-ඇමරිකානු සබඳතාවලට වැඩි ප්‍රතිරෝධයක් ඇති කරන්නක් පමණක් නොව, ඇමරිකාවේ විද්‍යාව හා තාක්ෂණ සහ නවෝත්පාදනයේ නිපුණතාවට සැබෑ හානියක් ද සිදු කරයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන